ගාසා තීරයෙන් හමුවූ මිනී වල පිළිබඳ පුවත ජනයා භීතියට පත්කරන බව ජගත් සංවිධානය කියයි – Sri News ජාත්‍යන්තර පුවත්

0
11

ගාසා තීරයෙන් හමුවී ඇති සමුහ මිනී වල පිළිබඳ පුවත සියලු ජනයා භීතියට පත්කරන බව ජගත් සංවිධානය නිවේදනය කරනවා.

ගාසා තීරයේ නසාර් හා අල්ෂිෆා රෝහල්වල ඊශ්‍රායල හමුදා පසුගිය පෙබරවාරි මාසයේ දී විශේෂ සොදිසි මෙහෙයුම් කටයුතු සිදුකළා.

ඉන් අනතුරුව එම රෝහල් අසලින් සමුහ මිනී වළවල් හමුවු බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල හමුදා ඝාතනය කළ පලස්තීන වැසියන් ඒ තුළ වන බවට හමාස් සංවිධානය චෝදනා කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා සදහන් කරන්නේ.

නසාර් රෝහල අසල සමුහ මිනී වලේ සිරුරු 300ක් පමණ ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

කෙසේ වුවද ඔවුන් ජිවිතක්ෂයට පත්වු ආකාරය හෝ වල දැමු දිනය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නැහැ.

 

 

 

 

 

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here