වැටකෙයියා දළු සලාදය ⋆ ධරණී

0
33

අවශ්‍ය ද්‍රව්‍ය

වැටකෙයියා දළු 100g

රතුලූනු (පොඩියට කපාගත්) 50g

තක්කාලි (හීනියට කපාගත්) 30g

අමුමිරිස් (පොඩියට කපාගත්) කරල් 3

උම්බලකඩ කුඩු මේස හැඳි 1/2

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4

දෙහි ගෙඩියක යුෂ

ලුණු රස අනුව

 

සාදන ක්‍රමය

වැටකෙයියා දළු ගොබයෙන් ඇද ගලවාගන්න. (ලබාගත යුත්තේ ගොබයට සම්බන්ධ සුදු පැහැති කොටස පමණි.)

එය සෝදා හීනියට කපාගන්න.

ලූනු, අමුමිරිස්, ගම්මිරිස් කුඩු, උම්බලකඩ කුඩු, ලුණු සහ දෙහි දමා හොඳින් පොඩිකර රස බලා තක්කාලි සහ වැටකෙයියා දළු දමා කලවම් කරගන්න.

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here