2018 අවුරුද්දේ රජයේ නිවාඩු චක්කරේ – Holidays of 2018 – Sri News

0
8

ඉස්කෝලේ යන, රස්සා කරන අපි කොයි කවුරුත් බලන් ඉන්නේ නිවාඩු ලැබෙනකන්. සඳුදා කියන්නේ අන්තර්ජාතිකව ම අපි අකමැති දවසක්. එතකොට සෙනසුරාදා ඉරිදා රජයේ නිවාඩු දවස් වෙන එක අපිට දරාගන්න ම බැරි දෙයක්. දවස් 365ක අවුරුද්දක් සම්බන්ධයෙන් අපේ ජීවිතවල තියෙන පොදු හැඟීම් තමයි මේ. 2018 අලුත් අවුරුද්ද කියන්නේ නිවාඩු ගැන හිතලා හැදුණු අවුරුද්දක්. මාසයෙන් මාසයට ඒ නිවාඩු දින හැදිලා තියෙන්නේ මෙහෙමයි.

 

2018 අධික අවුරුද්දක් නෙවෙයි. අමු ම අමු සාමාන්‍ය අවුරුද්දක්. සාමාන්‍ය අවුරුදු කොටස් දෙකයි. එකක් සඳුදාවකින් පටන් ගන්න සාමාන්‍ය අවුරුද්ද. අනික තමයි ඉරිදාවකින් පටන් ගන්න අවුරුද්ද. 2018 පටන් ගන්නේ සඳුදාවකින්. එදාටත් නිවාඩු! ඒ කියනේ සඳුදාවක් වන ජනවාරි 1 වෙනිදා නිවාඩු. දුරුතු පුර පසළොස්වක පෝය දිනය යෙදිලා තියෙන්නේ එදාටයි. ඉරිදාවක් වන ජනවාරි 14 වෙනිදාට තමයි තෛපොංගල් දිනය. බදාදාවක් වන ජනවාරි 31 නවම් පුර පසළොස්වක පෝය දිනය යෙදිලා තියෙනවා. එකම මාසේ පෝයවල් දෙකක්? ඒ ගැන විස්තර ඉස්සරහට හම්බ වෙනවා.

 

පෙබරවාරි මාසය නිවාඩු සම්බන්ධයෙන් දුක හිතෙන මාසයක්. මුළු මාසයට ම රජයේ නිවාඩු දෙකයි. ඒ දෙකෙනුත් එකක් වැටිලා තියෙනේ ඉරිදා දවසක. ඉරිදාවක් වන පෙබරවාරි 4 වෙනිදා තමයි ජාතික නිදහස් දිනය. අඟහරුවාදාවක් වන පෙබරවාරි 13 මහා ශිව රාත්‍රිය නිසා නිවාඩු ලැබෙනවා.

 

 

බ්‍රහස්පතින්දාවක් වන මාර්තු 1 වෙනිදාට මැදින් පුර පසළොස්වක පෝය දිනය යෙදිලා තියෙනවා. අනුපිළිවෙලින් සිකුරාදාවක් සහ සෙනසුරාදාවක් වන මාර්තු 30යි 31යි නිවාඩු. 30 වෙනිදා මහ සිකුරාදා. 31 බක් පුර පසළොස්වක පෝය දිනය.

 

අප්‍රේල් මාසෙට නැති නිවාඩු මොකටද! සිකුරාදාවක් වන අප්‍රේල් 13 පරණ අවුරුද්ද. 14 වෙනිදාට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද. වැඩේ කියන්නේ මේ අවුරුද්දේ අප්‍රේල්වලට අපි අනික් අවුරුදුවල මැයි මාසේ සමරපු වෙසක් උත්සවේත් ආපු එක. ඉරිදාවක් වන අප්‍රේල් 29 වෙසක් පුර පසළොස්වක පෝය දිනය. එතකොට සඳුදාවක් වන අප්‍රේල් 30 වෙසක් පෝයට පසු දිනය නිසා නිවාඩු. මේ අවුල ඇති වුණේ මෙන්න මෙහෙමයි. සිංහල චන්ද්‍ර මාස ක්‍රමයට අනුව දවස් 30කට වරක් පායන පසළොස්වක හඳට අනුව පෝය දිනය සහ දුරුතු, නවම්, මැදින්, බක් විදියට නම් තියනවා. දවස් 30ට වරක් හඳ ලස්සනට තමන්ගේ වැඩේ කරාට මොකෝ මේ ඉංග්‍රීසී කැලැන්ඩරේ මාස කිසිම පිළිවෙලක් නැහැ. සමහර මාසවල දින 28යි. සමහර ඒවායේ දින 30යි නැත්තම් 31යි. එහෙම වුණාම එක මාසෙක පෝය දෙකකුත් එකම අවුරුද්දක මාස දොළහ ඇතුළත පෝයවල් 13කුත් එන්න පුළුවන්.

 

අඟහරුවාදාවක් වන මැයි 1 වෙනිදා අන්තර්ජාතික මැයි දිනය යෙදෙන්න නියමිතයි. අඟරුවාදා දවසක් ම වෙන මැයි 29 වෙනිදාට අධි පොසොන්. අධි පොසොන් මැයි මාසේ. අවුල ලිහාගන්න දැන් දන්නවනේ?

 

ජූලි මාසයේ නිවාඩු දෙකයි. හැබැයි දෙකම වැඩකරන දවස් නිසා රහයි. සිකුරාදාවක් වන ජූනි 15 වෙනිදා රාමසාන්. බදාදාවක් වන ජූනි 27 වෙනිදා පොසොන් පුර පසළොස්වක පෝය දිනය.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here