කොලම්බියා විශ්වවිද්‍යාලයේ උද්ඝෝෂණ සඳහා සහභාගිවූ සිසුන් අත්අඩංගුවට – Sri News ජාත්‍යන්තර පුවත්

0
6

ඇමෙරිකාවේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක ඊශ්‍රායල විරෝධී උද්ඝෝෂණ සඳහා සහභාගිවූ සිසුන් අත්අඩංගුවට ගැනීම නිව්යෝර්ක් පොලීසිය ආරම්භ කර තිබෙනවා.

ඊශ්‍රායල යුද මෙහෙයුම්වලට විරෝධය පළ කරමින් ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල රැසක උද්ඝෝෂණ ක්‍රියාත්මකයි.

එම උද්ඝෝෂණ හේතුවෙන් විශ්වවිද්‍යාලයන්හි දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.

කොලම්බියා විශ්වවිද්‍යාලයේ උද්ඝෝෂකයින්ට එම විරෝධතා අවසන් කිරීම සඳහා දින ලබාදීමත් සමඟ ඊයේ රාත්‍රියේදී ඔවුන් විශ්වවිද්‍යාල ගොඩනැගිලි තමන් යටතට ගැනීමට කටයුතු කළා.

විරෝධතාකරුවන් විසුරුවාහැර ගොඩනැගිලි තුළ රැදී සිටින පිරිස් අත්අඩංගුවට ගැනීම නිව්යෝර්ක් පොලීසිය ආරම්භ කර තිබෙනවා.

ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන විරෝධතාකරුවන් හා පොලීසිය අතර ගැටුම් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here