ආදරේ ලස්සන කරගන්න මේ ගුණාංග ඇති කරගන්න – How to make your love affair a beautiful story – Sri News

0
12

ඔබ ආදරය කියන්නේ මොකද්ද කියල ඇහුවොත් මිනිස්සු එක එක උත්තර දෙනවා. ඒත් යොවුන් ආදරේ විරහවකින් කෙළවර උනත් හරි සුන්දරයි කියන එක කවුරුත් කියනවා. කවීන්ට, සාහිත්‍යකරුවන්ට යොවුන් ප්‍රේමය ඔවුන්ගේ කලා කෘතිවලට පසුබිම් වෙන්නේ ඒ ලස්සන නිසාමයි. ආදරය කියන්නේ මොකද්ද කියලා හරියටම කියන්න කාටවත් බැරි වුණත් ආදරය සාර්ථක වෙන්න තියෙන්න ඕන දේවල් මෙන්න මේවා කියලා කියන්න කවුරුත් දන්නවා. අපි කතා කරමු අද ඒ ගැන.

 

“විශ්වාසා පරමා ඥාතී” කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. විශ්වාසය කියන්නේ බැඳීමකට හරියට ගම්  එකක් වගේ. ගම් කියන්නෙ ඕනම බැඳීම ශක්තිමත් කරන දෙයක්. විශ්වාසයත් එහෙමයි. නැත්නම් ඕන වෙලාවක මේ බැඳීම් ගැලවෙන්න පුළුවන්. විශ්වාසයේ විරුද්ධ පදය “සැකය” කියන එක නොකියාම බෑ. සැකය ඇති තැන බැඳීම් වල පැවැත්ම අඩු යි. හැම පෘථග්ජන සිතකම එහෙන් මෙහෙන් කවුරුත් ගැන උපන්න සැකයක් තියෙනවා. මේ කියන්නේ ඒ මට්ටමින් එහාට ගියපු  අධික සැකය ගැන. ඔන්න ආයිත් කියනවා . සැකය ලං කරගන්න එපා. විශ්වාසයෙන් ලංවෙන්න.

 

අපිට අපේ අම්ම තාත්ත ගැන පරම ආදරයක් ජනිත වෙලා තියෙන්නේ ඇයි? අපේ හිත දන්නවා ඔවුන් අපි වෙනුවෙන් කැපකිරීම් කළ බව. ඉතින් අපේ උඩුහිත අම්මට තාත්තට පිටු පාන්න අපට කිව්වත් අපි අපේ අම්මල තාත්තලට ආදරය කරනවා මොකද ඔවුන්ගේ කැපකිරීම් ගැන අපේ යටිහිත දන්න නිසා. කෙනෙකුගේ ආදරය ලබන්න නම් කැපකිරීම් කළ යුතුමයි. “දෙයක් ලබන්න නම් දෙයක් කරන්නම ඕන” කියලා කතාවකුත් තියෙනවනේ. ඒ හින්දා ඔබේ කාලය, ශ්‍රමය පුලුවං පමණින් කැප කරන්න ඔබට සිද්ධ වෙනවා ආදරය කරද්දි.

 

තමන් දරන තනතුරු, තමන්ගේ තත්ත්වය (කුල භේද වැනි දේවල්) ආදිය ආදරය කරද්දි අමතක කරන්න ඕන.  ඔබ කාටහරි ආදරය කරනවා නම් ඒ දේවල් ගැන තියෙන උඩඟුකම් සබඳතාවය ඇතුලෙ තියා ගැනීමෙන් ඔබවමයි දුකට පත් වෙන්නේ. අනිකා තමන්ට වඩා ආදරය කළ යුතුයි කියලා හිතන එක, අනිකා තමන්ට වඩා ඉස්සර විය යුතුයි කියලා හිතන එක ආදරයෙදි උචිත නැහැ. ඒ වගේම ඔබට හිතෙනවනම් එහෙම එතන නොගැලපීමක් තියෙනවා ගලප ගන්න අමාරුව. පුළුවන් තරම් අනෙකාට ගෞරව කරන්න අනෙකාට ඇහුම් කන් දෙන්න.

 

පුංචි පුංචි දේවල් ආදරේ හැඩගන්වනවා මොනවද මේ පුංචි පුංචි දේවල්? උපන්දිනයකදී පුදුම කිරීමක් කරන එක, තෑගි හුවමාරු කරගන්න එක මේවට අයත්. ඒ විතරක් නෙවෙයි හැම තැනකදීම අනෙකාව සතුටින් තියන්න උත්සාහ කරන එක, විහිළුවක් කරලා අනෙකාගේ මුව සිනහවෙන් පුරවන්න උත්සාහ කරන එක මේ පුංචි පුංචි දේවල් වලට අයත්. ඒව ඔබේ ආදරේ තවත් හැඩ කරාවි. කෑවද බිව්වද කියලා අහනවා වගේ දේවල් කරන්න ආදරය කරන ඔබට වෙලාවක් නැති වෙන්න බෑ. උත්සාහ කරන්න. හැම වෙලාවක්ම ආදරණීය කරගන්න.

 

ඔබ මොන තත්ත්වයක සිටියත් ඔබට අනාගතයේදී මේක කරන්න ඕන කියලා අරමුණක් තියෙන්න ඕන. ඉතින් ඒක සම්බන්ධතාවයකටත් අදාලයි. අරමුණු නැත්නම් ඔබේ ජීවිතය අයාලේ යන්න පටන් ගන්නවා .සබඳතාවයකුත් එහෙමයි. අනාගතය ගැන ඔබ හැම වෙලාවෙම කතා කරන්න. සාකච්ඡා කරන්න. ඒක ඔබේ සබඳතාවයට උත්තේජනයක් සපයාවි. ෆැන්ටසියෙන් මිදිලා මහපොළොවේ ජීවත් වෙන්න වෙන දවසක් ඔබට එනවා. ඒ දවසට ඔය අරමුණු ඔබට වැදගත් වේවි.

ප්‍රධාන වශයෙන් ඔය කියන කරුණු හතර තිබුණත් ආදරයක් ශක්තිමත් වෙන්න හොඳටම ඇති. ඒත් ඉතින් මේවා මහ ලොකු කාරණා නෙවෙයි. නමුත් මේවා හරි සංවේදී කාරණා. යොවුන් ආදරය විතරක් නෙමෙයි, අම්මා තාත්තා අතර,  ඒ විතරක් නෙවෙයි ළමයි සහ අම්මා තාත්තා අතර සබඳතාවය වර්ධනය වෙන්න ඔය කාරණා බලපානවා. ඉතිං සබඳතා නොකැඩී නොනැසී පවත්වාගෙන යන්න ඔබට බාරයි. ආදරය කරන්න. ආදරය විඳින්න.

 
Cover Image Source – chirobirdokan.com
 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here