රෆා මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව ඊශ්‍රායලය කියයි – Sri News උණුසුම් පුවත්

0
12

හමාස් සංවිධානය සමඟ එළඹෙන එකඟතාවය කුමක් වුවද රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් අනිවාර්යයෙන් මෙහෙයුම් සිදුකරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා නිවේදනය කරනවා.

සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් හමාස් සංවිධානය සමඟ පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රතිඵලය කුමක් වුවද තමන් රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් මෙහෙයුම් ආරම්භ කරන බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කරන්නේ.

දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් හා ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමෙන් කටයුතු සිදුවෙමින් පැවතියදී ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම ජාත්‍යන්තරයේ දැඩි මතභේදයට තුඩු දී තිබෙනවා.

රෆා ප්‍රදේශයේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ අවධානය යොමුකර කටයුතු කරන ලෙස ඇමෙරිකාව අනතුරු ඇඟවීමෙන් පසුව ඔහු මෙය නිවේදනය කිරීම ද විශේෂත්වයක්.

එමෙන්ම ඇමෙරිකා ජනාධිපතිවරයා ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට සඳහන් කර ඇත්තේ රෆා ප්‍රදේශය ඉලක්ක කරගනිමින් මෙහෙයුම් ආරම්භ කිරීම සීමා ඉක්මවා යාමක් විය හැකි බවයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here