Google search engine
Home ගොසිප් පුවත් විජයදාස රාජපක්ෂ ශ්‍රිලනිප ජනපති අපේක්ෂක

විජයදාස රාජපක්ෂ ශ්‍රිලනිප ජනපති අපේක්ෂක

0
14

slfp-president-candidate-wijayadasa-rajapaksa

විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේය.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ වෘත්තීය සමිති නායක T.B ඉලංගරත්නගේ ගුණසමරු උත්සවයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“විජයදාස රාජපක්ෂ මැතිතුමාට තමයි පක්ෂයේ වැඩිදෙනෙකුගේ කැමැත්ත තියෙන්නේ. මම එකගමනක් කළා. මම එක සැරයක් කරන්නේ කියලා කිව්වා. ඒ සැරේ දිවුරුම් දෙන වෙලාවේම මම කිව්වා මම ආයෙමත් තරගකරන්නේ නෑ කියලා. විජයදාස මහත්මයා තමයි ඉල්ලන්නේ, අපි සම්පූර්ණ සහාය දෙනවා. ආණ්ඩුවේ ඇමතිවරයෙක් අපි ගත්තා. දැන් එයා අපේ. ඇමතිකම ගැන දැන් කිසිම කැමැත්තක් නෑ.”

පසුගිය හිරු සළකුණ වැඩසටහනේදී විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා ප්‍රකාශ කලේ, ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන්නේනම් එය භාරගැනීමට තමා සූදානම් බවයි.

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here