ඉන්ධන මිල අඩු වුණාට බස් ගාස්තු අඩු කරන්නේ නෑ – ගැමුණු – Sri News දේශීය පුවත්

0
16

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබෙනවා.

ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් රුපියල් 30කින් අඩුකර තිබෙනවා.

මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3 කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 368ක්. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් පහළ දමා තිබෙනවා.

එහි නව මිල රුපියල් 420ක්. සුදු ඩීසල් ලීටරයක මිල ද රුපියල් 30 කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 333ක්.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ රුපියල් 9කින්.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 377ක්.

භූමිතෙල් ලීටරයක් ද රුපියල් 30කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 215ක් බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.

මෙම මිල ගණන් වලට සාපේක්ෂව ලංකා අයිඕසී සහ සයිනොපෙක් සමාගම් ද සිය ඉන්ධන මිල ගණන් පහත දමා තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 365ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව රුපියල් 420ක්.

එසේම රුපියල් 27කින් ඔටෝ ඩීසල් මිල පහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 333ක්.

සයිනොපෙක් සුපර් ඩීසල් මිල ද රුපියල් 9කින් පහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 377ක්.

‘සිපෙට්කෝ’ ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්‍ෂව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද ඉන්ධන මිල ද පහත දමා ඇති බව සඳහන්.

ඉන්ධන මිල ගනන් අඩු කිරීම සම්බන්ධයෙන් බස් ඇතුළු සංගම් රැසක් රජයට ස්තූතිය පළකරනවා.

ඩීසල් මිල අඩුවූවද බස් ගාස්තු වල වෙනසක් සිදුකිරිමට හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලි​ක බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරනවා.

ඒ අනුව මාස තුනක් තිස්සේ රුපියල් 28 ක පාඩුවකට බස් කර්මාන්තයේ නියැලෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

මිල සූත්‍රය අනුව බස් ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් මිල රුපියල් 55 කින් වත් අඩුවිය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here