වතුකම්කරු වැටුප වැඩි කිරීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක – Sri News දේශීය පුවත්

0
7

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

ඒ් මහතා මේ බව ප්‍රකාශ කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී  අදහස් දක්වමින්.

වතුකම්කරුවන්ගේ වෘත්තිය සමිති මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමය සමග සාකච්ඡා කර යම් නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කරමින් රුපියල් 1700ක අවම වැටුපක් ලබාදීමට  ජනාධිපතිවරයා අදහස් කළත් තවමත් වතු වෘත්තීය සමිති සහ හාම්පුතුන් අතර සාකච්ඡා සාර්ථක වී නැහැ.

කෙසේ වෙතත් වතු කම්කරුවන්ගේ වැටුප් ඉදිරියේදී ඉහල දමන බව නිශ්චිත වශයෙන්ම කිව හැකියැයි රත්නප්‍රිය මහතා ඒහිදී ප්‍රකාශ කළා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here