Google search engine
Home ගොසිප් පුවත් සිරිල් වික්‍ර­ම­ගේගේ සුව-දුක් බලන්න සංස්කෘ­තික නිල­ධා­රීන් සමඟ ඇමැති විදුර කලා­පු­ර­යට

සිරිල් වික්‍ර­ම­ගේගේ සුව-දුක් බලන්න සංස්කෘ­තික නිල­ධා­රීන් සමඟ ඇමැති විදුර කලා­පු­ර­යට

0
7

cyril-wicremage

රංග­න­යෙන් සේම ස්වකීය සමාජ දැක්මෙන්ද නිර­තු­රු­වම ජනතා සම්මා­න­යෙන් පිදුම් ලැබූ ප්‍රති­භා­පූර්ණ චරි­තාංග නළු­වකු වන සිරිල් වික්‍ර­මගේ මහ­තාගේ සුව දුක් විම­සීම සඳහා බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු ඇමැති විදුර වික්‍ර­ම­නා­යක මහතා සහ සංස්කෘ­තික කට­යුතු දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීහු පිරි­සක් පසු­ගි­යදා කලා­පුරේ ඔහුගේ නිවෙ­සට ගියහ.

‘සත්ස­මු­දුර’ චිත්‍ර­ප­ටයේ ‘ගුණ­දාස’ ලෙස ප්‍රේක්ෂ­ක­යන් අත­රට පැමිණි සිරිල් වික්‍ර­මගේ මහතා බින­ර­මලී, පාරා­ව­ළලු, වල්මත් වූවෝ, එයා දැන් ලොකු ළම­යෙක්, සිරි­මැ­දුර, සෙයි­ලම, මාරු­තය, පාලම යට, කුල­ගෙය, සුද්දි­ලාගේ කතාව, මංගල තෑග්ග, මී හරකා, අඹු සැමියෝ, අහස් ගව්ව ආදි බොහෝ චිත්‍ර­ප­ට­ව­ලට රංග­න­යෙන් දායක විය.

වේදිකා නාට්‍ය, සිනමා නිර්මාණ පම­ණක් නොව පුංචි තිර­යද ජය ගත් කලා­ක­රු­වකු වන අතර සිරිල් වික්‍ර­මගේ මහතා ගව්වෙන් ගව්ව, ඇල්ල ළඟ වලව්ව, මිහි­ක­තගේ දරුවෝ, කර­දිය වළල්ල, පළිඟු මැණිකේ, සෙනෙ­හෙ­ලතා, නුඹ නාඬන් එවැනි නිර්මා­ණ­යන් කිහි­ප­යකි.

මේ අව­ස්ථා­වට සංස්කෘ­තික කට­යුතු අධ්‍යක්ෂ යසින්තා ගුණ­ව­ර්ධන මහ­ත්මිය සමඟ දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීහු සහ රාජ්‍ය සංගීත කණ්ඩා­යමේ සංගීත ශිල්පීහු පිරි­සක් එක්ව සිටි­යහ.

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here