බ්‍රසීලයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 60 දක්වා ඉහළට – Sri News ජාත්‍යන්තර පුවත්

0
17

බ්‍රසීලයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් ජිවිතක්ෂයට පත් වු සංඛ්‍යාව 60 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය සතියේ සිට බ්‍රසීලයේ රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයට ඇද හැළෙන අධික වර්ෂාපතනයත් සමග නායයාම් හා ගංවතුර තත්ත්වයක් ද හටගත්තා.

පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි සහන කණ්ඩායම් සදහන් කරන්නේ.

25000කට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා.

ලක්ෂ පහකට අධික පිරිසකට පිරිසිදු පානීය ජලය හෝ විදුලි බලය නොමැති බවයි වාර්තා වන්නේ.

ෆෝටෝ ඇලිග්‍රි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කටයුතු ද තාවකාලිකව ඇණහිට ඇති අතර ඒ හේතුවෙන් ගුවන් ගමන් රැසක් අත්හිටු වුවා.

 

 

 

 

 

 

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here