ලන්ඩන් නගරාධිපතිවරයා ලෙස අඛණ්ඩව තුන්වන වරටත් සාදික් කාන් තේරී පත්වෙයි – Sri News ජාත්‍යන්තර පුවත්

0
7

ලන්ඩන් නගරාධිපතිවරයා ලෙස අඛණ්ඩව තුන්වන වරටත් සාදික් කාන් තේරී පත්වුණා.

පසුගිය සතියේ එංගලන්තයේ ප්‍රාන්ත මැතිවරණ පැවති අතර සාදික් කාන් 2016 වසරේදී ලැබූ ජයග්‍රහණයට සමාජ ජයග්‍රහණයක් මෙවර ද ලබාගැනීම විශේෂත්වයක්.

කම්කරු පක්ෂය නියෝජනය කරමින් නගරාධිපති ධුරය සඳහා තරග වැදුනු සාදික් කාන් 43.8%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති අතර කන්සවේටිව් පක්ෂය නියෝජනය කළ ඔහුගේ ප්‍රතිවාදී සුසාන් හෝල්ට හිමිකර ගැනීමට හැකිව ඇත්තේ 32.7%ක් ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කළේ ආරක්ෂිත සාධාරණ හා හරිත ලන්ඩන් නුවරක් නිර්මාණය කිරීමට තමා කැපවන බවයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here