ශ්‍රී ලංකාවේ බලශක්ති කේන්ද්‍රීය ඒකාබද්ධ ජාතික මූල්‍ය රාමුව සකස් කිරීම ඇරඹෙයි – Sri News දේශීය පුවත්

0
16

ශ්‍රී ලංකාවේ බලශක්ති කේන්ද්‍රීය ඒකාබද්ධ ජාතික මූල්‍ය රාමුව (Integrated National Financial Framework) සකස් කිරීම පිළිබඳ සමාරම්භක වැඩසටහන විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වුණා.

ශ්‍රී ලංකාව තුළ පැවති ආර්ථික අවපාතයත් සමඟ ඒ සදහා බෙහෙවින් ඉවහල් වන ලද ක්ෂේත්‍රයන් සඳහා හඳුන්වාදෙන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍ර ප්‍රමුඛ අංශයන් ලෙස සලකා කටයුතු කිරීමට රජය ගෙන ඇති තීරණය මත එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ඒ සඳහා සහයෝගය ලබාදීමට එකඟතාව පළ කරන ලදී.

මෙම බලශක්ති කේන්ද්‍රීය ඒකාබද්ධ ජාතික මූල්‍ය රාමුව (INFF) මගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් ගිවිසුම්වලට එළඹ ඇති තිරසර සංවර්ධන අරමුණු (SDG) සහ ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන් (NDC) යටතේ හඳුනාගෙන ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබාගත හැක.

ලොවපුරා පවතින රටවල් 86ක් දැනට මේ යටතේ විවිධ පහසුකම් සලසාගෙන ඇති අතර ශ්‍රී ලංකාවට ද බලශක්ති ක්‍‍ෂේත්‍රයේ සංවර්ධන කාර්යයන් සදහා සහයෝගය ලබාදීමට එකඟ වී ඇත.

මෙම වැඩසටහන සදහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (දේශගුණික විපර්යාස) වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, ජනාධිපති උපදේශක (පරිසර, දේශගුණ විපර්යාස සහ හරිත මූල්‍ය) ආචාර්ය ආනන්ද මලවතන්ත්‍රී මහතා, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.එච්.ඩබ්.ඒ කුමාරසිරි මහතා ඇතුළු ක්ෂේත්‍රයේ විශාල පිරිසක් සහභාගී විය.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here