Dialog වෙතින් වැඩිපුර 15GB ඩේටා සමග හදුන්වාදෙන අලුත්ම Unlimited Blaster ප්ලෑන් එක – Sri News | Sri Lanka Business News

0
14

පාරිභෝගිකයින්ට සැබැවින්ම Unlimited අත්දැකීමක් පිරිනමන, ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා, පාරිභෝගිකයින්ගේ මාසයකට සියලුම ඩේටා සහ Call අවශ්‍යතා සපුරාලීමට නවතම Unlimited Blaster රු. 1299 ප්ලෑන් එක හඳුන්වා දෙයි.

මෙමගින් පාරිභෝගිකයින් කැමතිම Social Apps වන Facebook, WhatsApp හා YouTube හිතේ හැටියට භාවිත කිරීමට Unlimited ඩේටා, ඕනෑම ජාලයකට Unlimited Calls, SMS 1000 ක් සමගින් පාරිභෝගිකයින්ගේ අමතර ඕනෑම ඩේටා අවශ්‍යතාවයක් සදහා රිසි සේ භාවිතා කිරීමට ඩේටා GB 15 ද ලබාදෙයි.

ඩයලොග් වෙතින් මෙම නවතම Unlimited Blaster රු. 1299 ප්ලෑන් එක හඳුන්වා දී ඇත්තේ, මාසයක් පුරාවට පාරිභෝගිකයින්ගේ සියලුම දේශීය ඇමතුම් සහ ඩේටා අවශ්‍යතා එක ප්ලෑන් එකක් හරහා සපුරාගත හැකි වන පරිදිය. මේ ඔස්සේ ලැබෙන වැඩිපුර ඩේටා GB 15, පාරිභෝගිකයින්ගේ අමතර ඩේටා අවශ්‍යතා සදහා භාවිත කළ හැක.

මීට අමතරව, Dialog Unlimited Blaster ප්ලෑන්වලට, පාරිභෝගිකයින්ට කැමති විදිහට තෝරාගැනීමට තවත් සැලසුම් කිහිපයක්ම ඇතුළත් වේ. එනම්, මාසයක් පුරා Facebook, WhatsApp හා YouTube සඳහා Unlimited ඩේටා සමග ඕනෑම ජාලයකට Unlimited Calls ලබාදෙන, Unlimited Blaster රු. 919 ප්ලෑන් එක සහ Facebook, WhatsApp හා YouTube සඳහා Unlimited ඩේටා, ඕනෑම ජාලයකට Unlimited Calls, SMS 1000 ක් සමග අමතර GB 2 ක් පිරිනමන සතියක් වලංගු රු. 307 ප්ලෑන් එකයි.

පාරිභෝගිකයින්ට MyDialog App මගින්, Dialog.lk හරහා හෝ අදාළ මුදල රීලෝඩ් කිරීමෙන් තමන් කැමති Unlimited Blaster ප්ලෑන් එකක්Activate කිරීමේ හැකියාව පවතී.

https://dlg.lk/495en ඔස්සේ, නවතම ඩයලොග් Unlimited Blaster 1299 ප්ලෑන් හා අනෙකුත් Unlimited Blaster ප්ලෑන් පිළිබඳව වැඩි විස්තර දැනගත හැකියි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here