සමට ගැලපෙන scrub එකක් නිවසේදීම සකසාගමු – Sri News

0
2

ලස්සන සමක් ලබාගැනීමට නම් අපේ මැරුණු සම ඉවත් කිරීමට අනිවාර්යයෙන්ම scrub කළ යුතුයි. වියළි සමක් ඇති අයෙක් නම් සති දෙකකට වරක් scrub කළයුතු අතර සාමාන්‍ය හෝ තෙල් සහිත සමක් ඇති පුද්ගලයෙක් නම් සතියකට වරක් scrub කිරීම ප්‍රමාණවත්. වස විස නැති ස්වාභාවික scrub එකක් මෙලෙස නිවසේදී සාදා ගනිමු-

සාමාන්‍ය සමකට

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ඉදුණු අලිගැට පේර
  • කස්තුරි කහ
  • කොකුම් පොතු
  • වෙනිවැල්ගැට

සාදන අයුරු:

මේ සියල්ල රෝස වතුරෙන් මිශ්‍රකර මුහුණේ ආලේපකර විනාඩි 20 කින් පිරිසුදු ඇල්දියෙන් සෝදා ඉවත් කරන්න.

වියළි සමකට

  • අලිගැටපේර
  • බිත්තර කහමදය
  • යෝගට්
  • මීපැණි

සාදන අයුරු:

ඉහත සියල්ල හොඳින් මිශ්‍රකර ආලේපකර විනාඩි 10 ක් පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදන්න. මිශ්‍රකර ගන්න.

තෙල් සහිත සමකට

  • කඩල පිටි හෝ මුං පිටි
  • මීපැණි
  • දෙහි යුෂ
  • යෝගට්

සාදන අයුරු:

සියල්ල මිශ්‍රකර scrub එකක් ලෙස භාවිත කරන්න.

මුහුණ පැහැපත් වීමට 

  • මුංඇට හෝ කඩල පිටි තේ හැඳි එකක්
  • කිරි

සාදන අයුරු:

ඉහත සියල්ල හොඳින් මිශ්‍රකර තවරා විනාඩි 20 ක් තබා මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න.

Full body scrub

අවශ්‍ය ද්‍රව්‍ය-

  • රතුහාල් පිටි මේස හැඳි 3
  • උළුඳු පිටි මේස හැඳි 3
  • කස්තුරි කහ කුඩු තේ හැඳි 1
  • එළකිරි

සාදන අයුරු-

මේ සියල්ල හොඳින් මිශ්‍රකර මුහුණේ උඩු අතට ආලේපකර විනාඩි 10 ක් පමණ තබා සීතල වතුරෙන් සම තෙත්කර උඩු අතට පිරිමැද හොඳින් ස්ක්‍රබ්කර තෙත පුළුන්වලින් ඉවත් කරන්න. මුළු ශරීරයම ස්ක්‍රබ් කරන්නට මෙය යොදාගත හැකියි.

මේ සියලු දේවල් මුහුණට සත්කාර වශයෙන් සකසා ගැනීමේදී යොදා ගන්නා අමුද්‍රව්‍ය හා භාජන හැකිතාක් පිරිසුදුව භාවිත කිරීමට විශේෂයෙන් සැලකිලිමත්වන්න. සැබෑම ලස්සන රුවකට ස්වාභාවික ආලේපන තරම් හිතකර වෙනත් කිසිදු ආලේපනයක් නොගැලපේ.

ඔබ මෙම ආලේපන භාවිත කරමින් නිරතුරුවම සම පැහැපත්කර ගන්නට සම රැක ගන්නට උත්සාහ කරනවා නම් එහි ප්‍රතිඵල ඔබට අත්විඳින්නට ලැබේවි.

– කල්හාරී –

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here