වසන්තම් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සාර්ථකව අවසන් – Sri News ක්‍රීඩා

0
6

වසන්තම් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සාර්ථක අන්දමින් ඊයේ නිමාවට පත්වුණා.

වසන්තම් එෆ් එම් නාලිකාවේ 16 වන සංවත්සරය වෙනුවෙන් සංවිධාන කළ මෙම සය සාමාජික ක්‍රිකට් තරගාවලිය සදහා දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් කණ්ඩායම් 42ක් එක්ව සිටියා.

කොළඹ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංනයේ පැවති මෙම තරගයේ අවසන් මහ තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ වැල්ලවත්ත ජොලි බෝයිස් ක්‍රීඩා සමාජය සහ දෙමටගොඩ නිව් බේස්ලයින් ක්‍රීඩා සමාජයයි.

අවසන් මහ තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නිව් බේස්ලයින් කණ්ඩායම සිය පන්දුවාර 5 අවසානයේ දී කඩුලු 3ක් දැවී ලකුණු 55ක් ලබා ගත්තා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ජොලි බොයිස් කණ්ඩායම පන්දුවාර 4යි පන්දු 3 කදී ලකුණු 58ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කර ගත්තා.

තරගාවලියේ ජය සංකේත ප්‍රධානය ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ ඉහළ කළමනාකාරීත්වය නියෝජනය කරමින් නිලධාරීන් කිහිපදෙනෙක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

තරගයේ දක්ෂතම පිතිකරු වැල්ලවත්ත ජොලි බොයිස් ක්‍රීඩා සමාජයේ එස් කේ නිරෝෂන් දිනාගත් අතර තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ එම ක්‍රීඩා සමාජයේම නලීන් ද කුමාරයි.

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here