මතීෂ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම දණගස්වයි – Sri News ක්‍රීඩා

0
5

ඉන්දීය ප්‍රීමියලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් හා චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම් අතර පැවති තරගයෙන් ලකුණු 20ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි කණ්ඩායම සමත්වුණා.

මෙහිදී චෙන්නායි පිළේ මතීෂ පතිරණ දක්ෂ පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළා.

මුම්බායි නුවර වැන්කඩේ ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 4 ක් දැවී ලකුණු 206ක් රැස් කිරීමට සමත් වූණා.

රුතුරාජ් ගයික්වාඩ් ලකුණු 69ක් හා ෂිවම් ඩුබේ නොදැවී ලකුණු 66ක් රැස් කරමින් චෙන්නායි ඉනිම ශක්තිමත් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු හයක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 186ක් පමණයි.

මුම්බායි ඉනිම නිමා වන තෙක් කඩුල්ලේ රැදී සිටිමින් වේගවත් පිතිහරඹයක නිරතවූ රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 105ක් රැස් කළද එය කණ්ඩායමේ ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැහැ.

පන්දුවාර 7ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 70 ක් ලබා සිටි මුම්බායි කණ්ඩායම අටවැනි පන්දුවාරයේදී ලකුණු 75කට කඩුළු දෙකක් ලෙස සටහන් කිරීමට මතීෂ පතිරණ සමත්වූයේ ඉෂාන් ක්‍රිෂාන් ලකුණු 23කටත් සූර්ය කුමාර් යාදෙව් ලකුණු  ලබා ගැනීමට පෙරත් පිටියෙන් ඉවත් කිරීමත් සමගයි.

ඉන් නොනැවතුනු මතීෂ තිලක් වර්මා සහ රොමා රියෝ ෂෙපර්ඩ් දවා ගනිමින් මුම්බායි  පිළ පරාජයට ඇද දැමුවේ තම පන්දුවාර 4 තුළ ලකුණු 28කට කඩුළු 4ක් දවාලමින්.

ඔහු තරගයේ වීරයා සම්මානය ද හිමිකර ගත්තා.

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here