දන්න නොදන්න සෝස් වර්ග 7ක් ගැන නොදන්නා තතු – Sri News

0
5

සෝස් කියන්නෙ කතා කරලා ඉවර කරන්න බැරි සබ්ජෙක්ට් එකක්. එක එක රස වලින්, එක එක අමුද්‍රව්‍ය දාලා හදන සෝස් ලෝකේ හැම රටකම වගේ ජනප්‍රියයි. මේවයින් සමහරක් අපිට ගෙදරදීම හදාගන්නත් පුළුවන්. ඉතින් අද අපි හිතුවා ජනප්‍රිය සෝස් වර්ග කීපයක් ගැන තොරතුරු ඔයාලට කියන්න.

 

 

 

සිරාචා සෝස් එක හදන්නෙ රතු හැලපිනෝ, සීනි, විනාකිරි හා ලුණු වල එකතුවෙන්. මේ සෝස් එක මුලින්ම හැදුව කියන්නෙ අවුරුදු අසූවකට විතර කලින් තායිලන්තයේ සි රාච් කියන නගරයේ thanom chakkapak කියන කාන්තාවක්. මේක ගොඩක්ම භාවිතා වෙන්නෙ තායිලන්තයේ. මේ සෝස් එකේ නම ලියන විදි ගොඩක් තියෙනවා. Sriraja, Si-racha, Sriracha, Sriracha වගේ විවිධ ආකාරයෙන් මේ සෝස් එකේ නම ලියවෙනව. බර්ගර්ස්, සුප්, සීෆුඩ්, ස්ප්‍රින්ග් රෝල්ස් හා නූඩ්ල්ස් වලට තමා හුඟක්ම පාවිච්චි වෙන්නෙ. මේ සෝස් එකේ වර්ග ගොඩක් තියනවා. ඇත්තටම මේකෙ රස ගත්තොත් කෙචප් වලට සමානයි. ස්වීට් ගාලික් මිශ්‍ර සැර රසක් තමා එන්නෙ.

 

 

 

මේ සෝස් එක හදන්නෙ මූලිකවම සෝයාසෝස්, රතු සීනි සහ සකේ වලින්. මීට අමතරව සුදුළූණු, ඉඟුරු, රතු මිරිස්, විනාකිරි හා මී පැණි එකතු කරලා වෙනස් වෙනස් ටෙරියාකි සෝස් වර්ගත් හදනව. ටෙරියාකි කියන වචනෙ ජපන් භාෂාවෙ එන වචනයක්. මේකෙන් සාමාන්‍යයෙන් එන්නෙ පැණි රසක්. කොරියන් බාබකිව් සෝස් වලට සමාන රසක් තමා එන්නෙ. ජපානයෙ හදන ගොඩක් කෑම වලට මේ ටෙරියාකි සෝස් එක දානවා. මස් වලට, සීෆුඩ් වලට වගේ තමා ගොඩක්ම පාවිච්චි කරන්නේ. ටෙරියාකි සෝස් ඇමරිකාවට සංක්‍රමණය වුණේ 1960 ගණන් වලදි ජපන් ජාතිකයන් හවායන් දූපත් වල පදිංචි වීමෙන් පස්සෙ කියලයි කියන්නෙ.

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here