ඊයේ වැටුණු කොටස් වෙළෙඳපොළ අද යළි නැගිටියි. පිරිවැටුම දෙබිලියනය ඉක්මවයි

0
7

ඊයේ (16) දිනයේ දී දැවැන්ත පරිහානියක් වාර්තා කළ කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශක අද (17) දිනයේ දී නැවත වතාවක් ධනාත්මක හැසිරීමක් වාර්තා කර තිබේ.

ඒ අනුව කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 38.78 කින් ඉහළ ගොස් ඒකක 11,830.94 ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 21.07 කින් ඉහළ ගොස් ඒකක 3,491.32 ක් ලෙසත් දිනයේ ගනුදෙනු අවසානයේ දී සටහන් විය.

සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමට කොමර්ෂල් බැංකුව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, ලංකා IOC, වැලිබල් වන් සහ LOLC හෝල්ඩිංග්ස් යන සමාගම්වලින් ඉහළ දායකත්වයක් ලැබී තිබුණි.

රු. බිලියන 2.01 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය. අද දින පිරිවැටුමට සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු හරහා හැටන් නැෂනල් බැංකුව (රු. මිලියන 221), ඩයලොග් ආසියාටා (රු. මිලියන 177), ලංකා IOC (රු. මිලියන 167) හා ඇම්බියන් කැපිටල් (රු. මිලියන 105) යන සමාගම් ඉහළ දායකත්වයක් ලබා දී තිබුණි.

 

 

 

 

 

The post ඊයේ වැටුණු කොටස් වෙළෙඳපොළ අද යළි නැගිටියි. පිරිවැටුම දෙබිලියනය ඉක්මවයි appeared first on Sri News | Sri Lanka Business News.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here