ටෙස්ලා සමාගමේ සේවකයින් 14,000කට රැකියා අහිමි වෙයි? – Sri News ජාත්‍යන්තර පුවත්

0
3

ටෙස්ලා සමාගමේ සේවකයින්ගෙන් සියයට දහයක පමණ ප්‍රමාණයක් ඉවත් කිරීමට එම සමාගම සූදානම් වනවා.

ටෙස්ලා සමාගම නිවේදනය කළ සේවක කප්පාදුව සිදුකළහොත් 14,000ක පමණ පිරිසකට සිය රැකියා අහිමි වනවා.

ටෙස්ලා සමාගමේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබද අවදානය යොමුකර මෙම පියවර ගත් බවයි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉලෝන් මස්ක් නිවේදනය කරන්නේ.

වියදම් පාලනය කිරීම එහි ප්‍රධාන අරමුණ බවද ඔහු පෙන්වා දෙනවා.

සමාගමේ ගෝලීය සේවක සංඛ්‍යාවෙන් සියයට 10ක් ඉවත් කිරීමට තීරණය කිරීම ඉතා අසීරු වූ බව ඉලෝන් මස්ක් පවසනවා.

එමෙන්ම එය සිදුකිරීමට තමා අකමැති වුවද අනිවාර්යයෙන් සිදුකළ යුතු කාර්යයක් බැවින් එම තීරණය ගත් බවයි ඔහු සදහන් කරන්නේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here