සර්වඥ ධාතු ප්‍රදර්ශනය – දකුණු කොරියාව – Sri News

0
14

නමෝ බුද්ධාය!

සුගත තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දකුණු කොරියානු දේශයට වැඩම කළ වගයි….

දකුණු කොරියාවේ තේගු බුල්ගියෝ තේ හක් ක්වනම්සා කොරියානු විහාරස්ථානයේ ඉදි වෙමින් පවතින අසිරිමත් සෑ රජුන් තුළ තැන්පත් කිරීම සඳහා, ශ්‍රී ලාංකා දරණි තලයේ සිට, සුගත තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ශාරීරික ධාතුන් වහන්සේ නමක් ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වු ඉල් මස 9 වෙනි දින කොරියානු දේශයට වැඩම කරන ලදි.

වැඩම කරන ලද උතුම් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ උදෙසා දකුණු කොරියානු මහමෙව්නා භාවනා අසපුවාසි පින්වත් ස්වාමීන් වහන්සේලාගේ මෙහෙයවීමෙන් ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වු උඳුවප් මස 27 දින දී සර්වඥ ධාතු වන්දනාවක් හා සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් සිදු කරනු ලැබු අතර, එම පින්කම සඳහා දකුණු කොරියාව පුරා වැඩ සිටින බෝහෝ ශ්‍රී ලාංකීක පින්වත් ස්වාමීන් වහන්සේලාද, කොරියානු ජාතික පින්වත් ස්වාමීන් වහන්සේලාද වැඩම කල අතර, දකුණු කොරියාව පුරා සිටින සැදැහැති ශ්‍රී ලාංකීක දරුවන් 3000 කට අධික විශාල ප්‍රමාණයක් පැමිණුන අතර කොරියානු ජාතික සැදැහැවතුන්ද විශාල ප්‍රමාණයක් සහභාගි වී තම තමන්ගේ ජීවිත වලට අප්‍රමාණ පින්ඵල රැස් කරගත්හ.

මේ අසිරිමත් වූ පින්කමෙන් රැස්වුන සියළු පින් සියල්ලෝ සතුටින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනිමේ දුර්ලභ වාසනාව උදාවේවා.

සාදු! සාදු!! සාදු!!!


Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here