බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා සාධනීයයි. තවත් කරුණු දෙකක් ගැන දෙපාර්ශවය එකඟතාවයකට එළඹෙයි – සාගල රත්නායක – Sri News | Sri Lanka Business News

0
14

විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් පසුගිය මාර්තු මාසයේ අවසාන භාගයේ දී, ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් අතර ලන්ඩන් නුවර දී පැවති සාකච්ඡාවල දී කරුණු 4ක් සම්බන්ධයෙන් ගැටළුකාරීත්වයක් පැනනැඟුණු බවත් එහිදී කරුණු 2ක් පිළිබඳව එකඟතාවයකට පැමිණීමට දෙපාර්ශවය සමත් වූ බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසයි. අද (15) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව අනාවරණය කර සිටියේය.

මේ අතර එකඟතාවයකට එළඹීමට නොහැකි වූ කරුණු දෙක සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් නියෝජනය කරන කණ්ඩායම් ඉදිරියේ දී රැස්වීමට නියමිත බවත් එහිදී සුබවාදී පිළිතුරක් බලාපොරොත්තු විය හැකි බවත් ඔහු පැවසීය. මෙම සාකච්ඡා ජූනි මාසය වන විට අවසන් කිරීමට හැකිවෙනු ඇතැයි, මෙහිදී මාධ්‍යවෙදීන් කළ විමසීම්වලට ප්‍රතිචාර දක්වමින් සාගල රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා,

“මාර්තු මාසය අගදී ලන්ඩන්වල දී බැඳුම්කර හිමියන් හමුවුණා. ඒ හමුවීම් බාහිරට අනාවරණය නොවූ ඒවා. අපිට උපදේශකයින් දෙගොල්ලක් ඉන්නවා. ලසාඩ්  – මූල්‍ය උපදේශකයින්, ක්ලිෆර්ඩ් චාන්ස් – නීති උපදේශකයින්. මේ සාකච්ඡා සීමා වූ ඒවා. ඒවායේ රහස්‍යභාවය තබා ගැනීමට සියලු පාර්ශව එකඟ වී සිටියා. ඒ සාකච්ඡාවලට යන විට බැඳුම්කර හිමියන් අපිට යෝජනා කිහිපයක් දීලා තිබ්බා. ඒවාට අපි ප්‍රති-යෝජනා දීලා තිබ්බා. ඒගොල්ලෝ මාර්තුවල නැවත යෝජනා වගයක් දුන්නා. ඒ වෙලාවේ අපි මාර්තු අග සාකච්ඡාවලට යනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට දැනුම් දීලා තිබ්‍රණා, අපි දීපු යෝජනා මූල්‍ය අරමුදලට අනුකූලයි. බැඳුම්කර හිමියන්ගේ යෝජනා මූල්‍ය අරමුදලට අනුකූල නැහැ කියලා. අපි ඒ සාකච්ඡාවල දී අපිට ගැටළු සහගත කාරණා 4ක් ඉදිරිපත් කළා. අපි කියන කාරණා සහ ඒගොල්ලෝ කියන කාරණා සම්බන්ධව. එතනදී කාරණ දෙකක් සම්බන්ධයෙන් අපි සහ බැඳුම්කර හිමියන් අතර එකඟතාවයක් ඇති වුණා. නමුත් කාරණා දෙකක දී අපිට එකඟතාවයකට එන්න බැරිවුණා.“

 

 

 

 

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here