කිරිකොස් තෙම්පරාදුව. – Sri News

0
5

කිරිකොස් ව්‍යංජනයක් පිිලියෙල කරන හැටි ගැන අපි මීට පෙර ලිපියකින් ඔබව දැනුවත් කලා ඔබට මතක ඇති. අපි අද ඔබව දැනුවත් කරන්න යන්නේ තවත් අළුත්ම ආකාරයක කිරි කොස් ව්‍යංජනයක් ගැන.. ඔබත් අදම අත්හදා බලන්න….

අවශ්‍ය ද්‍රව්‍ය: 

  • කොස් මදුළු 20ක් 30ක්
  • පොල් අඩලක කිරි
  • කහකුඩු ස්වල්පයක්
  • මිරිස් කුඩු ස්වල්පයක්
  • අමු තුනපහ කුඩු ස්වල්පයක්
  • අමු මිරිස් කරල් තුනක්
  • ලුණු ,රතු ළුණු ගෙඩි කිහිපයක්
  • කරපිංචා ඉති දෙකක්
  • සුදු ළුණු බික් එකක්
  • කුරුඳු පොතු,රම්පෙ

සාදන ක්‍රමය:

කිරිකොස් ව්‍යංජනය හොඳින් පිසගන්න.මැටි බඳුනකට තෙල් එකතු කර ලිපේ තබන්න.මද ගින්දර වඩාත් සුදුසුයිසිහින්වට ලියා ගත් රතු ළුණුකරපිංචා කොළ කිහිපයක්රම්පෙ කෑල්ලක් දෙකක්හොඳින් තලපු සුදු ළුණුඋළුහාල් ඇට කිහිපයක්සෝදන ලද අබ ඇට ස්වල්පයක්අමු මිරිස් කරලක් සිහින්ව කපා එකතු කරන්න.

වියලි මිරිස් කරල්ද මේ සඳහා යොදා ගන්න පුළුවන්රන්වන් පාටින් බැදෙන විටඅබ ඇට පුපුරන විට කිරිකොස් ව්‍යංජනය ටිකෙන් ටික එකතුකර කලවම් කරන්න.

කිරිකොස් ව්‍යංජනය තෙම්පරාදු කල විට වෙනත් රසයක් සුවඳක් සහ පැහැයක් ගනී.

කොස් කොතරම් ගුණ වුවත් තරබාරු අයට එතරම් සුදුසු නැහැඑමෙන්ම වියපත් අයටත් රාත්‍රියට ගැනීමට සුදුසු නැහැ.

ගම්බද කිරිකොස් ව්‍යංජනය පිසින හැම අවස්ථාවකම කාරල්ලන් කරවලමැල්ල කොළවියලි මිරිස්වැනි දෙයක් බැදීමත් අඟුණ කොළගොටු කොළතෙබු කොළ වැනි ඇඹුල් යොදන සම්බෝලයක් සෑදීමත් සාමාන්‍ය සිරිතකි.

පොළොස් ව්‍යංජනය පරණ වන තරමට රස වැඩි වන අතර කිරි කොස් ව්‍යංජනය රස වැඩි වන්නේ උණුවෙන් ඇති විට දීය.

  • නිකිණි බණ්ඩාර ගේ ගමේ කෑම කෘතියෙනි.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here