IPL වාර්තා අලුත් කළ සන්රයිසස් හයිද්‍රාබාද් – Sri News ක්‍රීඩා

0
3

ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් සහ රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් අතර තරගය ලකුණු 25කින් ජය ගැනීමට සන්රයිසස් කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 287ක් රැස් කිරීමට සමත්වුණා.

එය IPL පිටියේ කණ්ඩායමක් ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වනවා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ට්‍රාවීස් හෙඩ් පන්දු 41කදී  වේගවත් ලකුණු 102 ක් රැස් කිරීමට සමත්වුණු අතර ඊට 6 පහර 8ක් සහ හතරේ පහර 09ක් ඇතුළත්.

පන්දු යැවීමේ ලොකී ෆර්ගසන් කඩුළු 02ක් බිද හෙළුවා.

ජයග්‍රහණය සදහා ලකුණු 288ක දැවැන්ත ඉලක්කයක් හඹා  යාමට පිටියට පිවිසි බැන්ගලෝර් කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේදී කඩුළු 07 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 262ක් පමණයි.

ඒ අනුව සමස්ත තරගයේ දී ලකුණු 549ක් වාර්තා වූ අතර එය පන්දුවාර විස්ස තරගයක දී කණ්ඩායම් දෙකක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද වනවා.

බැංගලෝර් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි සුපිරි පිතිකරු විරාත් කෝලි සහ ෆැෆ් ඩුප්ලසිස් ලකුණු 80ක අගනා සබදතාවක් ගොඩනැගුවද 6 වන පන්දුවාරයේ දෙවන පන්දුවේදී ලකුණු 42ක් ලබා සිටි විරාත් කෝලි දැවී යාමත් සමග බැන්ගලෝර් ලකුනු ලබාගැනීමේ වේගය අඩාල වුණා. ෆැෆ් ඩුප්ලසිස් ලකුනු 62යි.

නමුත් කණ්ඩායමේ සිව්වන කඩුල්ල සදහා පන්දුවට පහරදීමට පැමිණි දිනේෂ් කාර්තික් පන්දු 35කදී වේගවත් ලකුණු 83ක් රැස් කරමින් බැන්ගලෝර් බලාපොරොත්තු යළි ඉහළ නංවන්නට සමත්වුවද නටරාජන්ගේ පන්දුවක් හමුවේ කාර්තික් දැවී යාමත් සමග යළිත්වරක් තරගයේ ජයග්‍රහණය  සන්රයිසස් කණ්ඩායම වෙත ගමන් කළා.

පන්දු යැවීමේදී පැට්කමින්ස් ලකුණු 43ට කඩුළු 04ක් බිද හෙළුවා. තරගයේ වීරයා සන්රයිසස් කණ්ඩායමේ ට්‍රාවීස් හෙඩ්.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here