Google search engine
Home ගොසිප් පුවත් හෙරො­යින් සමඟ අත්අ­ඩං­ගු­වට ගත් විද්‍යා­ගාර සහා­ය­කයා ජනේ­ල­යෙන් පනී

හෙරො­යින් සමඟ අත්අ­ඩං­ගු­වට ගත් විද්‍යා­ගාර සහා­ය­කයා ජනේ­ල­යෙන් පනී

0
6

dummalasuriya-incident

හෙරො­යින් මත්කුඩු සමඟ අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ලික ආය­ත­න­යක විද්‍යා­ගාර සහා­ය­ක­ව­රයා කුලි­යා­පි­ටිය මූලික රෝහලේ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී නිල කාම­රයේ ජනේ­ල­යෙන් පැන පලා ගොස් ඇතැයි දුම්ම­ල­සූ­රිය පොලි­සිය කියයි.

මෙලෙස පලා ගොස් ඇත්තේ උඩු­බ­ද්දාව කහ­දෙ­නි­ගම පදිංචි වයස අවු­රුදු 30ක පුද්ග­ල­යෙකි.

දුම්ම­ල­සූ­රිය පොලි­සියේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් හෙරො­යින් මත්කුඩු සමඟ අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කර රැඳ­වුම් නියෝග ලබා ගැනී­මට පෙර

සැක­කරු සම්බ­න්ධ­යෙන් වෛද්‍ය වාර්තා­වක් මහේ­ස්ත්‍රා­ත්ව­රයා වෙත ඉදි­රි­පත් කිරීම සඳහා සැක­කරු අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රි­ව­රයා වෙත ඉදි­රි­පත් කර තිබූ බව පොලි­සිය කියයි.

සැක­කරු කැටිව පොලිස් සැර­ය­න්ව­ර­යකු සහ කොස්තා­ප­ල්ව­ර­යකු අධි­ක­රණ වෛද්‍ය­ව­ර­යාගේ කාම­රය වෙත ගොස් ඇති අතර, අත්වි­ලංගු ඉවත් කර පොලිස් නිල­ධා­රීන්ට කාම­ර­යෙන් පිටත රැඳී සිටින ලෙස අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රි­ව­රයා උප­දෙස් ලබා දී ඇතැයි පොලි­සිය කියයි.

ඒ අනුව පොලිස් නිල­ධා­රීන් දෙදෙනා නිල කාම­ර­යෙන් පිටත රැඳී සිටි­යදී සැක­ක­රුව වෛද්‍ය නිල­ධා­රි­ව­රයා පරීක්ෂා කර­මින් සිට ඇති අතර, සැක­කරු එක­ව­රම අධි­ක­රණ වෛද්‍ය කාම­රයේ ජනේ­ල­යෙන් පිට­තට පැන පලා ගොස් ඇති බව පොලිස් නිල­ධා­රි­යෙකු පැව­සීය.

සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා දුම්ම­ල­සූ­රිය පොලි­සිය පරී­ක්ෂණ පව­ත්වයි.
බණ්ඩා­ර­ගම – බිමල් ජය­සිංහ

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here