තහනමට ලක් වුණු ජනප්‍රිය ළමා කාටූන් වැඩසටහන් 7ක් – Sri News

0
3

“දෙවනි ඉනිම” ළමයින්ට බලන එක තහනම් කළාට අපේ අම්මලා කාටූන් බලන එක නම් ළමයින්ට තහනම් කරන්නෑ දෙයියනේ කියලා. මොකද අම්මලා හිතන්නේ කාටූන් තියෙන්නෙ ළමයින්ට බලන්නයි කියලයි. ඒ උනාට ලෝකේ සමහර කාටූන් වැඩසටහන් තියෙනවා ළමයින්ට විතරක් නෙමෙයි වැඩිහිටියන්ට පවා ප්‍රදර්ශනය තහනම් කරපු. අපි මේ කතා කරන්න යන්නෙ අන්න එහෙම කාටූන් නිර්මාණ කිහිපයක් ගැනයි.

 

කාටූන් නෙට්වර්ක් ටෙලිවිෂන් නාලිකාවේ විකාශය වුණු කාටූන් එකක් තමයි මේ. 1998දි ප්‍රදර්ශනය කරපු මේ කාටූන් එකේ “Buffalo Gals” නමින් හඳුන්වපු එක කොටසක් සම්පූර්ණයෙන්ම වාරණයට ලක්වෙනවා. මේ කොටස විකාශය වෙලා වැඩි වෙලාවක් යන්න කලින් වැඩිහිටියෙක් මේ නාලිකාවට දුරකතන ඇමතුමක් දීල කියන්නේ මේ කාටූන් එකේ “කාන්තා සමලිංගිකත්වය ගැන හැඟෙන ඉඟි” තිබුණ කියලයි. මේ ගැන විමර්ශනය කරපු මේ ආයතනය ඒ කාටූන් එපිසෝඩ් එක සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න තීරණය කළා. ඒ වගේම “Buffalo Gals” නැමැති ඒ කාටූන් එපිසෝඩ් එක එදාට පස්සෙ කාටවත් රූපවාහිනියෙන් දකින්න ලැබුණෙ නෑ.
 
https://www.youtube.com/watch?v=SXSMwY4GgCs

 

ටයිනි ටූන්ස් කාටූන් සෙට් එක නම් බොහෝ දෙනෙක් බලලා ඇති. 90 දශකයේ වෝනර් බ්‍රදර්ස්ලා නිර්මාණය කරපු මේ කාටූන් එකේ ආපු එක කොටසක් තමයි “One Beer” කියල කියන්නෙ. මේකෙ තිබ්බෙ බස්ටර් සහ ඔහුගේ යාලුවන් එකතු වෙලා ෆ්‍රිජ් එකේ තිබිල හම්බුවෙන බියර් එකක් බොන සිද්ධියක්. හොඳටම බීමත් වෙන මේ යාළුවො තුන්දෙනා පොලිස් කාර් එකක් හොරකම් කරගෙන ගිහින් අනතුරකට ලක්වෙන හැටියි මේ කාටූන් එකෙන් පෙන්නුවේ. ඇත්තටම මේ කාටූන් එපිසෝඩය මගින් උත්සාහ කරල තිබ්බේ බීමේ ආදිනව ගැන කියලා දෙන්නලු. ඒ උනත් මේක ළමයින්ට උචිත නොවන සංකල්පයක් බවට එල්ල වුණු චෝදනා එක්ක සමාගම මේ කාටූන් එක ඉවත් කරන්න පියවර ගෙන තිබුණා.
 

 

Simpsons කියන්නෙ ලෝකයේ ජනප්‍රියම කාටූන් එකක්. මේකෙ එන එක කොටසක් වරක් තහනමට ලක් වෙනවා. හේතුව තමයි 9/11 ප්‍රහාරය. 1997 දි විකාශය කරපු මේ කියන සිම්ප්සන් කාටූන් එපිසෝඩ් එකේ කතාව දිගහැරෙන්නේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය මූලික වන පසුබිමකයි. කෙසේ වෙතත් 9/11 මහා විනාශයෙන් පස්සෙ මේ කාටූන් එකේ නිවුයෝක් වෙළඳ මධ්‍යස්ථානය දැකපු බොහෝ දෙනා සංවේදී වුණා. ඒ නිසාම ඒ කාල සීමාව තුළ මේ කාටූන් එක අයින් කරන්න පියවර ගැනුණා. ආපහු මේ කාටූන් එක එළියට එන්නේ 2005 අවුරුද්දෙයි. ලෝක වෙළඳ මධ්‍යස්ථානය පෙන්වන සමහර දර්ශන සහ ඒ ගැන කතාවන දෙබස් බොහොමයක් කප්පාදු කිරීමෙන් අනතුරුවයි මේ කාටූන් කොටස නැවත පෙන්වන්නට පටන් ගත්තේ.
 
https://www.youtube.com/watch?v=yZ1r60R4pt8

 

ලූනි ටියුන්ස් කියන්නෙ වෝනර් බ්‍රදර්ස්ලගෙ තවත් අතිශය ජනප්‍රිය කාටූන් එකක්. මේක 1930 ඉඳලා 1969 වගේ කාලය වෙනකම්ම විකාශය වුණා. නමුත් පසු කාලීනව මේ කාටූන් දිහා ආපහු හැරිල බලද්දි වෝනර් සමාගමට තේරුණා මේ කාටූන් වල සමහර කොටස් වල ජාතිවාදය, වර්ගවාදය උලුප්පාලන දර්ශන තිබෙන බව. එයින් කොටස් 11ක් තෝරගත්තු වෝනර් බ්‍රදර්ස් සමාගම ඒ කොටස් 11 ම සම්පූර්ණයෙන්ම ඔවුන්ගෙ කාටූන් එකතු වලින් ඉවත් කරන්න තීරණය කළා. පහත දැක්වෙන්නේ ඒ කාටූන් කොටස් 11යි.

Hittin’ the Trail for Hallelujah Land

Sunday Go to Meetin’ Time

Clean Pastures

Uncle Tom’s Bungalow

Jungle Jitters

The Isle of Pingo Pongo

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here