අතීතයේ දුන් අමානුෂිකම දඬුවම් ක්‍රම 7ක් – Sri News

0
2

ලෝකය එන්න එන්නම ශිෂ්ටාචාර ගත වෙනවා. මානව හිමිකම් ගැන තව තවත් හිතන තැනට පත්වෙමින් තිබෙනවා. ඒ නිසා අද ලෝකයේ බොහෝ රටවල මරණ දඬුවමවත් ක්‍රියාත්මක වෙන්නෙ නෑ. අද වගේම ඈත අතීතයේ ලෝකයේ විවිධ රටවල, විවිධ සංස්කෘතීන්ට අයත් ජනතාව වැරදි වලට දඬුවම් දෙන්න විවිධ ක්‍රම භාවිතා කලා. ඒ අතරෙන් සමහරක් දඬුවම් ඉතාම සාහසිකයි කියල කිවුවොත් ඔබ නොපිළිගන්න එකක් නැහැ. අපි මේ කියන්න යන්නේ ඒ වගේ අතිශය සාහසික දඬුවම් ක්‍රම හතක් ගැනයි.

 

උල තැබීම කියන්නෙ අපායෙදී විතරක් දෙන දඬුවමක් නෙමෙයි. මේ මහ පොළොව උඩත් දීපු දඬුවමක්. මේක මධ්‍යතන යුගයේ පවා තිබ්බා කියලයි කියවෙන්නේ. ගොඩක්ම මේ දඬුවම දීල තියෙන්නේ රාජ්‍ය ද්‍රෝහීන්ටයි. ඒ වගේම ඔවුන් කරපු වැරැද්දට අනුව සිරුරේ විවිධ තැන් වලට උල ඇනෙන විදිහට දඬුවම දුන්නලු. කොහොම උනත් අධික වේදනාවක් විඳලා තමයි මේ දඬුවමට ලක් වුණු කෙනා මියයන්නේ.

මේ උල තැබීමට ඉතාම සමාන විදිහේ තවත් දඬුවම් ක්‍රමයක් අතීත ස්පාඤ්ඤ සහ ඉතාලි ජාතිකයින් අතර ප්‍රසිද්ධ වී තිබෙනවා. එය හඳුන්වන්නේ ‘ජුදාස් ක්‍රේඩ්ල්’ නමින්. මෙහිදී උලක් වෙනුවට උල් පිරමීඩ හැඩැති ආකෘතියක් මත දඬුවමට ලක්වන්නාව ඉන්දවා දඬුවම් කර තිබෙනවා

 

කුරුසයේ ගැසීම කියන්නේ අතීතයේ ප්‍රකට දඬුවමක්. ඒක ප්‍රචලිත වෙලා තියෙන්නේ ජේසුස් වහන්සේ මරන්න යොදාගන්නෙත් මේ දඬුවම නිසා. කුරුසයට තබලා අත් දෙකට සහ කකුල් දෙකට ඇණ ගැසීම මෙහිදී සිද්ධ වෙනවා. බොහෝ විට කුරුසයට තබා ඇණ ගැසීමට පෙර වරදකරුගේ සම ඉරී යන තෙක් කස පහර දීමද සිදු කරනවා. අධික ලෙස රුධිරය ගැලීමෙන් සහ විජලනයට පත්වීමෙන් තමයි කුරුසයේ ඇණගසන පුද්ගලයින් මරණයට පත්වෙන්නේ. ගොඩක් වෙලාවට රජයට විරුද්ධ වුණාම දෙන දඬුවම මේකයි කියලා ජනතාවට ඒත්තු ගන්වන්න දුන්නු ප්‍රදර්ශනාත්මක, ඒත් බිහිසුණු දඬුවමක් විදිහට මේක හඳුන්වන්න පුලුවන්.

 

හරහට තියෙන දිග පොල්ලක මිනිහෙක්ව එල්ලලා යටින් ගිනි තැබීමෙන් අතීතයේ සමහර මිනිස්සු පුළුස්සා මැරුවා කියලා කියවෙනවා. ඒ වගේම පුළුස්සන්න පාවිච්චි කරපු තව ක්‍රමයක් තමයි ලොකු උණු වතුර භාජනයකට හෝ තෙල් භාජනයකට මිනිහෙක්ව දාන එක. ලංකාවෙත් කැළණිතිස්ස රජතුමා රහතන් වහන්සේ කෙනෙක් තෙල් කටාරමක දාල පුළුස්සා ඝාතනය කල නිසාලුනේ මුහුද ගොඩ ගැලුවේ. ඒ කියන්නේ මේ දඬුවම් ක්‍රම ලංකාවෙත් තිබිලා තියෙනවා අතීතයේදී.

 

වැරැද්දක් කලාම අපිටත් අම්මලා තාත්තලා කිවුවේ “හමගහන්න තමයි වටින්නේ” කියලා නේද.? එහෙම දඬුවමක් ඇත්තටම තිබිලා තියෙනවා. මේකෙදී කරන්නෙ හම ඉවත් කිරීම. සිහි නැති කිරීමකින් තොරව තමයි මේ හම ගැසීම කරන්නේ. පිහියක් හෝ කැපෙන උපකරණයක් ආධාරයෙන් හම ඉවත් කිරීම සිදු කරනවා. මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ මේ දඬුවම ප්‍රචලිතව තිබුණා කියලයි කියවෙන්නේ. ඒ වගේම මේ දඬුවම් ක්‍රමයට ළඟින් යන තවත් කෘරතර දඬුවම් ක්‍රමයක් තමයි ‘ලිංග්චි’ කියන්නේ. චීනයේ බහුලවම භාවිතා කරපු මේ දඬුවම් ක්‍රමය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ ‘Death by a Thousand Cuts’ කියලයි. ඒකෙදී දඬුවම් ලබන්නාගේ ශරීරයේ තැන තැන කපා, සම සහ මස කැබලි වශයෙන් ඉවත් කර, වේදනා විඳින්නට සලස්වා මරා දැමීම සිදු කරල තියනවා.

 

අතීතයේ රෝමයේ මිනිසුන්ට දෙන දඬුවමක් හැටියට ඔවුන්ව සිංහයන්ට කන්න දැම්ම කියලා කියවෙනවා. ඒ වගේම සිරකරුවන් සිංහයන් සමග කරන සටන් ප්‍රදර්ශනාත්මක විදිහට කොලෝසියමේදී පැවැත්වුණාලු.
ඒ වගේම මිනිසුන්ට මරණ දඬුවම දෙන්න දකුණු ආසියානු රටවල අලින් යොදාගෙන තියනවා. අලියා විසින් මරණයට නියමිත මිනිසාගේ සිරුර පෑගීම තමයි මෙහිදී කරන්නේ. ලංකාවෙත් මේක තිබිලා තියෙනවා.ඒ වගේම ඈත අතීතයේදී කාන්තාවන්ව සතුන් ලවා හිංසා කරවා මරා දැමීමේ දඬුවමකුත් පැවතුණාලු.

 

සිරුරේ අත් දෙක සහ කකුල් දෙක කරකැවිය හැකි ලීවරයකට සම්බන්ධ කොට, ගැට ගසා, දෙපැත්තෙන්ම ලීවර කරකැවීම මගින් සිරුර ඉහළින් සහ පහළින් ඉවතට ඇදීම සිදු කරනවා. මේ ඇදීමේ උපරිමය ලෙස සිරුර සෙමින් සෙමින් මැදින් ඉරී යනවා. මෙය කිරීම සඳහා රැක් නමින් හඳුන්වන විශේෂ උපකරණයක්ද සකසා තිබුණා. සමහර තැන් වලදී අශ්වයන් සතර දෙනෙකුට අත් දෙක සහ පාද දෙක සම්බන්ධ කොට, අශ්වයන්ට කස පහර ලබා දී දුවන්නට සැලැස්වීමෙන් ද සිරුර ඉරීමට ලක් කරනු ලැබුවා. මෙහිදී සිරුර එකවර කොටස් හතරකට බොහෝ විට ඉරී ගියා. මේ දඬුවම ලබා දෙන්නේ පියවි සිහියේදීමයි. මැරෙන්න කලින් දඬුවම විඳින්නා කොච්චර දුකක් විඳින්න ඕනද කියලා හිතලා බලන්න.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here