ආර්ථික අර්බුදය ජය ගත හැකිවේ දැයි සියලු පාර්ශ්ව තුළ තිබූ සැකය අවසන් වෙලා…

0
11

ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවට ජය ගනු හැකි වේදැයි සියලු පාර්ශ්ව තුළ තිබූ සැකය අද වන විට පහව ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ව්‍යාපාරික ප්‍රජාවට මෙම විශ්වාසය සිය කටයුතු පවත්වාගෙන යාම කෙරෙහි සුබවාදී බලපෑමක් ඇති කරන බවයි.

ඒ සඳහා ජාත්‍යන්තරය පිළිගත් වෙනස්කම් සිදු කරමින් රට නිසි මාර්ගයට අවතීර්ණ කිරීමේ කාර්යට උර දුන් සියලු පාර්ශ්වයන්ට නිසි ගෞරවය හිමි වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සංවර්ධන අභිමන් ජාතික සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

වසරේ පළමු මාස 04 අවසානයේ දී (අප්‍රේල් 25 වන විට) ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 757,000 ඉක්මවා ගොස් ඇතැයි කියා සිටි අමාත්‍යවරයා විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5 ඉක්මවීමට එය ප්‍රධාන සාධකයක් බව පැවසීය.

එබැවින් මීට පෙර ක්‍රියාත්මක වූ සුපිරි ත්‍යාග හිමි කර ගත හැකි ගුවන්තොටුපොළ ලොතරැයියක් හඳුන්වා දීමට මෙය උචිත අවස්ථාව බවයි හෙතෙම පෙන්වා දුන්නේ.

ඉදිරි මාස තුනක කාලය තුළ ආර්ථිකය තව දුරටත් ශක්තිමත් වන බවත් ජනතාවට තවදුරටත් ආර්ථික ප්‍රකෘතිමත් වීමේ වාසිය ලැබෙනු ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේ ය.

– Media Unit

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here