ශ‍්‍රී ලංකා හමුදාව රුසියව-යුකේ‍්‍රනය කියා දෙකට බෙදිලා ගහගන්නවා..

0
10

එදා කොටි සංවිධානයට එරෙහිව සටන් කළ ශ්‍රී ලංකා හමුදාව අද වන විට යුක්රේනෙට හා රුසියාවට ගොස් එම රටවල් දෙක වෙනුවෙන් දෙපස සිට වෙන්වී සටන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මෙසේ අදහස් පළ කළේය.

‘අපේ හමුදාවෙන් විශ්‍රාම ගිය අය රුසියාවේ කෑම්ප් හෙල්පර් විදිහට අරගෙන යනවා. මෙහිදී දැවැන්ත ජාවාරමක් ක්‍රියාත්මක වෙනවා. අපේ අයව කෑම්ප් හෙල්පර්ස්ලා ලෙස අරන් ගිහින් රුසියානු – යුක්‍රේන යුද්ධයට දානවා. මේ විදිහට කුසන්ත ගුණතිලක කියන පුද්ගලයා අරන් ගිහින් යුද්ධ ටැංකියකට දාලා තිබෙනවා.

ඒ යුද්ධ ටැංකිය පුපුරලා දෙන්නෙක් මැරෙනවා. මේ කුසන්ත කියන අය ඉන් පැනගෙන ආවත් අද වෙන තෙක් අතුරුදන්. ඔහු අපේ හමුදාවේ සිටි හොඳ සෙබළෙක්. ඔහු ඉන්දියාවේ නීතිඥයෙක් ගේ සමාගමකින් තමයි එහෙට ගිහින් තිබෙන්නේ. මේ විදිහට විශාල පිරිසක් අරන් ගිහින් තිබෙනවා. එක්කෙනෙක්ගෙන් ලක්ෂ 18ක් අරන් තිබෙනවා.

අපේ හමුදාවේ සිටි අය රුසියාවටත් යුක්‍රේනයටත් ලෙස දෙපැත්තටම බැඳිලා. ලංකාවේ හමුදාව දෙපැත්තට බෙදිලා ගහ ගන්නවා. මෙහෙම දැන් ගෙන ගිය අය කිහිප දෙනෙක් අත්අඩංගුවටත් අරගෙන තිබෙනවා. අපේ විශ්‍රාමික සෙබළුන්ට හරිහැටි ආදායමක් නැති නිසා මෙහෙම යනවා.
ආණ්ඩුව මේ ගැන ගනු ලබන පියවර මොකක්ද කියලා මම අහනවා. මොකද අද ලංකාවේ හමුදාවේ අය දෙපැත්තටම බෙදිලා දෙපැත්තේ ඉඳන් ගහ ගන්නවා. වෙනදා අපි එකතුවෙලා එල්ටීටීඊ එකට විරුද්ධව සටන් කළේ. අද ශ්‍රී ලංකා හමුදාව රටවල් දෙකකට මැදිවෙලා අපේ අය අපිටම ගහ ගන්නවා.’

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here