Google search engine
Home ගොසිප් පුවත් කටුනායක වීසා නිකුත් කිරීම VFS Global ට පැවරීම කඩාකප්පල් කිරීමේ තැත ගැන...

කටුනායක වීසා නිකුත් කිරීම VFS Global ට පැවරීම කඩාකප්පල් කිරීමේ තැත ගැන සැකයක්

0
15

katunayake-vfs-global

කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය පසුගිය මස අග දක්වා ආගමන විගමන දෙපාර්තමේන්තුව සිදුකර පසුව  VFS Global වෙත කැබිනට් තීරණයක් මගින් පැවරීම ගැන පසුගිය දිනවල ආන්දෝලනයක් මතු විය.

නව පැවරීම සිදුවූ වේලාවේ සිට අධික පෝලිම් ඇතිවීම , වෙනදා සිදු නොකළ ගාස්තු අයකිරීම ආදිය ගැන චෝදනා එල්ලවූ අතර මෙම අවුල් සහගත තත්වය නිර්මාණය කරේ පෙර එම කටයුත්ත සිදුකළ පිරිසකගේ පලිගැනීමක් හෝ ඊර්ෂ්‍යාවක් මතද යන්න ගැන දැන් සැක මතුව තිබේ.
මේ වනවිට  වීසා නිකුත් කිරීමේ කටයුතු වලින් තාවකාලිකව ඉවත් වූ VFS Global ජාත්‍යන්තර සමාගම නැවත එම කටයුත්ත භාරගෙන ඇත.

 පසුගිය මැයි 01 දින දා එම පරිශ්‍රය තුළ දැඩි උණුසුම්කාකාරී වාතාවරණය ගැන මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මෙන්ම ඇමති ටිරාන් අලස්ද අදහස් දක්වා තිබූ අතර VFS Global ඉන්දීය සමාගමක් ලෙස හංවඩු ගැසීමට උත්සාහ කළත් එය ජාත්‍යන්තරව පිළිගත් වීසා නිකුත් කරන ආයතනයක් බවත් රටවල් සියගණනකගේ කටයුතු සාර්ථකව මෙහෙයවන බවත් දන්වා සිටින ලදි.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක  පවසන්නේ, වීසා නිකුත් කිරීමේ කටයුතු මෙම සමාගමට පැවරීම සිදුවූයේ කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය සමඟ බවත් එම පැවරීම රුස්සන්නේ නැති පිරිසක් සංවිධානාත්මකව කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු කර ඇතිද යන්න ගැන සැකයක් මතුවන බවයි. ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

 ආගමන විගමන දෙපාර්තුමේන්තු නිලධාරීන්ගේ සංගමයේ උපසභාපති ජයසිංහ බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ,
ආගමන විගමන පනත අනුව වීසා නිකුත් කිරීමේ කටයුතු සඳහා නීතිමය වගකීම පැවරී ඇත්තේ ආගමන විගමන නිලධාරීන්ට පමණක් බවය.
හෙතෙම වැඩිදුරටත් පැවසූයේ ආගමන විගමන නිලධාරීන් විසින් වීසා නිකුත් කිරීම පැරණි ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය යටතේම සාමාන්‍ය පරිදි කරගෙන යන බවය.
අදාළ සමාගම ඉන්දීය සමාගමක් නොවන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිය ද ආගමන විගමන නිලධාරීන් පෙන්වා දෙන්නේ නව දිල්ලියේ ඇති එහි කාර්යාලයකින් මෙම වීසා නිකුත් කිරීම සිදුවන බවයි.

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here