ඇමරිකාව රුවන්ඩා කැරලිකරුවන්ට දොස් පවරයි – Sri News ජාත්‍යන්තර පුවත්

0
12

මාරාන්තික ප්‍රහාරයක් ගැන ඇමරිකාව රුවන්ඩා කැරලිකරුවන්ට දොස් පවරා තිබෙනවා.

කොංගෝ ජනරජයේ අවතැන් කඳවුරකට මාරාන්තික බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව රුවන්ඩා හමුදාවට සහ M23 කැරලිකාර කණ්ඩායමට දොස් පවරා තිබෙනවා.

නැගෙනහිර ගෝමා නගරයේ මුගුන්ගා කඳවුරේ ප්‍රහාරයෙන් ළමුන් හත් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු මිය ගියා.

කොංගෝ හමුදාව සහ M23 ප්‍රහාරය සම්බන්ධයෙන් දෙපාර්ෂවයට චෝදනා කරනවා.

මේ අතර සති කිහිපයක් විදේශගතව සිටින ජනාධිපති ෆීලික්ස් ෂිසෙකේඩි ප්‍රහාරයෙන් පසු මෙම සති අන්තයේ සිය රට පැමිණීමට නියමිතය.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here