කැපකිරීම් සහ අසීරු තීන්දුවල ප්‍රතිඵල ලැබෙමින් පවතින බව ඇමැති සේමසිංහ අවධාරණය කරයි – Sri News | Sri Lanka Business News

0
9

මෙම වසරේ මාර්තු මාසයේ උද්ධමන අනුපාතය 2.5% දක්වා අඩු වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පෙබරවාරි මාසයේදී එම උද්ධමනය අනුපාතය 5.1% ලෙස සනිටුහන් වූ බවයි. ආහාර උද්ධමනය 5% මට්ටමේ පවත්වාගෙන යාමට හැකි වී ඇති අතර ආහාර නොවන උද්ධමනය 0.7% දක්වා පහළ ගොස් තිබේ. 2022 දී ශ්‍රී ලං⁣කාාවේ උද්ධමනය 70%ක් දක්වා ඉහළ ගිය අතර ආහාර උද්ධමනය දැක්වුණේ 95%ක් ලෙසිනි.

උද්ධමනය පහළ යාම මගින් භාණ්ඩ බිල ක්ෂණික අඩුවීමක් සිදු නොවුණ ද මිල ඉහළ යාමේ සීඝ්‍රතාව මන්දගාමී වීමක් සිදු වන බව අමාත්‍යවරයා පෙන්වා දේ.

දීර්ඝ කාලීනව වැරැදි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හටගත් ආර්ථික අර්බුදයකට මුහුණ දීම පහසු කටයුත්තක් නොවන බව පෙන්වා දෙන අමාත්‍යවරයා එය අභියෝග සහ දැඩි තීරණවල සමග යා යුතු ගමනක් බව සඳහන් කරයි. උත්සාහය සහ සාමූහික කැප කිරීම් තුළින් ආර්ථික දියුණුව කරා ගමන් කරමින් සිටින මේ අවස්ථාවේ තවදුරටත් ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා කැපවීම ප්‍රදර්ශනය කළ යුතු බව සේමසිංහ මහතා අවධාරණය කරයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here