අපි හිතනවට වඩා අපි මාර හයියයි! – Sri News

0
11

දන්නවද?

ජීවිතේ දුශ්කර වෙන්න පුලුවන්, ඒක අපි කවුරුවත් දන්නවා. ඒත් අමතක කරන්න එපා, දුශ්කර කාල පහු කරපු මිනිස්සු තමයි ජීවිතේ දිනුවේ.

ජීවිතේ සංකීර්ණ වෙන හැම වෙලාවකම, හොඳ හුස්මක් ගන්න. ඕන නම් අඬන්න. ඒත් අමතක කරන්න එපා, ජීවිතේ සංකීර්ණ බවම තමයි සරල, සුන්දර මිනිස්සුන්ව ගොඩනැගුවේ.

ජීවිතේ පසුබාන තැන් ඕන තරම් එනවා. ඒ වෙලාවට අඩියක් පස්සට තියන්න. ඒත් අමතක කරන්න එපා, ජීවිතේ අමාරු තැන්වල අඩියක් පස්සට තිබ්බ මිනිස්සු තමයි අඩි දෙක තුනක්ම ඉස්සරට තිබ්බෙ.

ජීවිතේ ගිම්හාන කාල එනවා. ඒ වෙලාවට පොඩ්ඩක් නතරවෙන්න. ඒත් අමතක කරන්න එපා, ජීවිතේට එන හැම ගිම්හාන කාලෙකටම පස්සෙ වසන්ත කාලයක් එනව කියල.

ජීවිතයේ අභියෝග මුණ ගැහෙද්දි මෙන්න මේ වචන මතක තියාගන්න.

“දුශ්කර කාල පවතින්නේ නෑ. ඒත් හයිය මිනිස්සු පවතිනවා”

දුශ්කරතා, ප්‍රශ්න, කරදර තමයි අපිට කියල දෙන්නෙ ජීවිතේ සැනසීම, සතුට, හිනාව කොච්චර වටිනවද කියන එක. මොන දුශ්කරතා ආවත් ඒ හැම මොහොතකම “ඔයාට පුලුවන්, ඔයා හයියයි” කියල අමතක කරන්න එපා.

ජීවිතේ හැම දුශ්කර කාලයක් ලඟඳිම ඔයා තමයි ඔයාට සෙවන දෙන හෙවණැල්ල වෙන්න ඕන. ඔයා තමයි ඔයාට වැටෙන්න නොදී හයියෙන් අල්ලගෙන ඉන්න ඕන. ඔයා තමයි ඔයා බිඳිච්ච වෙලාවට ඔයාව හයියෙන්ම වැළඳගන්න ඕන.

ඔයාගෙ Role Model ඔයාමයි.

ජීවිතේ හැම මොහොතකදිම එහෙම හිතන්න. එතකොට ජීවිතේ විඳින්න වගේම දිනන්න ලේසියි!

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here