'ජයගමු ශ්‍රී ලංකා' මුලතිව් දිස්ත්‍රික්ක වැඩසටහන සාර්ථකව – Sri News උණුසුම් පුවත්

0
17

‘ජයගමු ශ්‍රී ලංකා’ මුලතිව් දිස්ත්‍රික් වැඩසටහනේ දෙවැනි දින වන ඊයේ (04) දින ‘ස්මාට් යූත් ක්ලබ්’ සමගාමී ආරම්භක වැඩසටහන කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පුදුකුඩියිරිප්පු මහජන ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරුණා.

මුලතිව් දිස්ත්‍රික්කයේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සඳහා අවශ්‍ය කුසලතා පුහුණුව සඳහා ජනාධිපති අරමුදල විසින් කරනු ලබන අනුග්‍රහයෙන් අයකුට රුපියල් ලක්ෂය බැගින් සිදු කෙරෙන මූල්‍යාධාර ප්‍රදානය පිළිබඳව සහභාගි වූ තරුණ පිරිස දැනුවත් කිරීම එහිදී සිදුවුණා.

දේශීය රැකියා අවස්ථා මෙන්ම විදේශ රැකියා ඉලක්ක කර ගත් පුහුණු පාඨමාලා නොමිලේ හැදෑරීමේ අවස්ථාව පිළිබඳව සහ රැකියා තෝරාගැනීමේදී වැදගත් වන ධනාත්මක මග පෙන්වීමද ‘ස්මාට් යූත්’ වැඩසටහනට සහභාගි වූ තරුණ තරුණ පිරිසට එහිදී ලැබුවා.

අමාත්‍යවරයාගේ පෞද්ගලික උපදේශක ශාන් යහම්පත්, මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, කේ.ජී.එච්.එච්.ආර්. කිරිඇල්ල මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගිවුණා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here