නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ විරෝධතා අතරතුර සිසුන් 130ක් අත්අඩංගුවට – Sri News ජාත්‍යන්තර පුවත්

0
9

ගාසා යුද මෙහෙයුම්වලට විරෝධය පළ කරමින් නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයන් හි පැවති විරෝධතා අතරතුරදී සිසුන් 130කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිනෙබවා.

ගාසා යුද මෙහෙයුම් වලට විරෝධය පළ කරමින් කොලම්බියා හා යේල් විශ්වවිද්‍යාලයන් හි විරෝධතා ආරම්භ කෙරුණා.

මේ වන විට එම විරෝධතා විශ්වවිද්‍යාල රැසකට ව්‍යාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හරහා එම විශ්වවිද්‍යාලවල කටයුතු වලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

විරෝධතාකරුවන්ට විසිර යන ලෙස පොලිසිය ඊයේ නියෝග ලබා දුන්නා.

එහෙත් අඛණ්ඩව එම විරෝධතා ක්‍රියාත්මක වීම හේතුවෙන් සිසුන් 133 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි නිව්යෝර්ක් පොලිසිය නිවේදනය කරන්නේ.

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here