ආසියානු සංවර්ධන බැංකුවේ කාර්යභාරය වෙනුවෙන් ශ්‍රී ලංකාව පූර්ණ සහයෝගීතාව ලබා දෙන බව ඇමැති ශෙහාන් අවධාරණය කරයි – Sri News දේශීය පුවත්

0
4

ආසියානු සංවර්ධන බැංකුවේ කාර්ය භාර්ය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කළා.

ආසියානු සංවර්ධන බැංකුවේ දැනුම හා ප්‍රවීණත්වය සිය සාමාජික රටවලට බහුවිධ අභියෝගයන්ට   මුහුණදීමට බෙහෙවින් උපකාර වන බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව පැවති පාලක මණ්ඩලය සදහා වූ සැසියේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

සාමාජික රටවල් සමග උපාය මාර්ගික සහයෝගීතාව ශක්තිමත් කරමින් ආසියානු සංවර්ධන බැංකුවේ කාර්ය භාරය අඛණ්ඩව ඉටු කිරීමට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය ලබා දෙන බවද ෂෙහාන් සේමසිංහ මහතා මෙහිදී අවධාරණය කළා.

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here