ඊශ්‍රායලයට එරෙහි විරෝධතා හේතුවෙන් ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු කර තිබෙනවා.
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.
ආරක්ෂක හේතූන් මත මෙම පියවර ගත් බව එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කරනවා.
සිසුන් දෙමාපියන් ඇතුළු 65,000කගේ පමණ සහභාගීත්වයෙන් දැවැන්ත උපාධි ප්‍රදානෝත්සවයක් මෙම අවස්ථාවේදී පැවැත්විය නොහැකි බවයි පාලනාධිකාරිය පෙන්වා දෙන්නේ.
මීට පෙර ඔවුන් නිවේදනය කර තිබුණේ මුස්ලිම් ජාතික සිසුන්ට කතාවක් සිදුකිරීම ලබා දී තිබූ අවස්ථාව පමණක් ආරක්ෂක හේතූන් මත අවලංගු කරන බවයි.
මීට සති කිහිපයකට පෙර සිට ඇමෙරිකාවේ කොළම්බියා යේල් හා හාවඩ් ඇතුළු විශ්වවිද්‍යාල රැසක ඊශ්‍රායලයට එරෙහි විරෝධතා ක්‍රියාත්මකයි.
ඒ හේතුවෙන් එම විශ්වවිද්‍යලයන්හි දෛනික කටයුතුවලට දැඩි බාධා එල්ලවී තිබෙනවා.
තත්ත්වය පාලනය කිරීමට පොලිසිය කටයුතු කළ අතර සිසුන් 150කට ආසන්න සංඛ්‍යාවක් එහිදී අත්අඩංගුවට ගැනුණා.
Sri News Media