ගංජා තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට – Sri News උණුසුම් පුවත්

0
9

විදෙස් රටක සිට ක්‍රියාත්මක කරන මෙරට ගංජා ජාවාරමට ප්‍රධාන ගෝලයෙකු ගංජා තොඟයක් සමඟින් අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාශයට අනුබද්ධ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීමේ මෙහෙයුම් කණ්ඩායම සමත්වුණා.

රැවුල් කුමාර නැමැත්තා මෙහෙයවන මෙම ගංජා ජාවාරමට සම්බන්ධ පුද්ගලයා කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට තොග වශයෙන් ගංජා බෙදා හරින බවයි විමර්ෂණවලදී හෙළි වුණේ.

47 හැවිරිදි මොහු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු ළග තිබි ගංජා කිලෝ ග්‍රෑම් 25ක් සොයා ගැණුනා.

ඔහු කඩුවෙල ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන මෙම ජාවාරම සිදුකර තිබෙනවා.

යාපනය ප්‍රදේශයේ තරුණයන්ට අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබු මත්පෙති තොගයක් සමඟ මහා පරිමාණ ජාවාරම්කරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.

ඔහු ළඟ තිබි මත්කරල් 1400ක් සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here