Google search engine
Home ගොසිප් පුවත් දකුණු අප්‍රිකාවේ ගොඩනැගිල්ලක් කඩාවැටී 50 ට වැඩි පිරිසක් අතුරුදන්

දකුණු අප්‍රිකාවේ ගොඩනැගිල්ලක් කඩාවැටී 50 ට වැඩි පිරිසක් අතුරුදන්

0
12

south-africa-building-collapse

සඳුදා පස්වරුවේ දකුණු අප්‍රිකාවේ ජෝර්ජ් නගරයේ බහු මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් ඇති අතර තවත් අතුරුදන් 48 දෙනෙකු මියගොස් බවට සැකකරන මුත් මෙතෙක් ගණන් බලා නොමැති බව බලධාරීහු අඟහරුවාදා ප්‍රකාශ කළහ.

මුදාගැනීමේ මෙහෙයුම් සිදුවෙමින් පවතින අතර, සඳුදා ප්‍රාදේශීය වේලාවෙන් පස්වරු 2 ට  බස්නාහිර කේප් පළාතේ ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසු සුන්බුන්වලින් පුද්ගලයින් 26 දෙනෙකු ඉවත් කර ඇති බව ජෝර්ජ් නගර සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ගලවාගැනීමේ කණ්ඩායම් තුනක් දැනට කඩාවැටුණු ගොඩනැගිල්ලේ විවිධ ප්‍රදේශ තුනක වැඩ කරමින් සිටින බව එම නිවේදනයේ දැක්වේ.

ගලවා ගැනීමේ මෙහෙයුමට දින හතරක් හෝ පහක් ගතවනු ඇතැයි ගණන් බලා ඇති අතර, හදිසි සේවා පුද්ගලයින් 111 දෙනෙකු එම ස්ථානයේ සිටින බව බටහිර කේප් රජය අඟහරුවාදා ප්‍රකාශ කළේය.

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා අඟහරුවාදා සිය කාර්යාලයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් සොව පළකර තිබේ.සිද්ධිය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසද රමෆෝසා ඉල්ලා සිටියේය.

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here