ඇමරිකාවෙන් යුක්‍රේනයට හා ඊශ්‍රායලයට ආධාර පැකේජයක් – Sri News උණුසුම් පුවත්

0
12

ඇමරිකා කොන්ග්‍රසය යුක්‍රේනය හා ඊශ්‍රායලයට ඩොලර් බිලියන 95ක ආධාර පැකේජයක් අනුමත කළා.

ඇමරිකා සෙනෙට් සභාව යුක්රේනය, ඊශ්‍රායලය හා තායිවානය සඳහා හමුදා ආධාර ඇතුළත් ඩොලර් බිලියන 95ක විදේශ ආධාර පැකේජයක් අනුමත කර තිබෙනවා.

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන් අද ඊට අත්සන් කිරීමෙන් පසු නීතියක් ලෙස එය බලාත්මක වනවා.

පසුගිය සෙනසුරාදා ඇමරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කරන ලද එම යෝජනාවට සෙනෙට් සභාව ඊයේ සහාය දැක්වූවා.

යෝජනාව 79-18 ක් ලෙස වැඩි ඡන්දයෙන් සම්මත වීම විශේෂත්වයක්.

මෙමගින් යුක්‍රේනයට ඩොලර් බිලියන 61 ක මිලිටරි ආධාර අනුමත කර තිබෙනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here