අවුරුද්දෙන් පසු විශාල පිරිසක් ශ‍්‍රීපාද වන්දනාවේ…

0
6

සිංහල හිංදු අලුත් අවුරුද්ද නිමවිමෙන් පසුවද  ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා මෙම දිනවල විශාල වශයෙන් වන්දනාකරුවන් පැමිනෙන බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ සිංහල හිංදු අලුත් අවුරුද්ද නිමවිමෙන් පසුවද මෙම දිනවල විශාල වශයෙන් ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා නල්ලතන්නිය මාර්ගය ඔස්සේ පැමිනෙන බවත්ය.

පොදු ප්‍රවාහන සේවාවලින් මෙන්ම පුද්ගලික හා කුලි පදනම මත ලබා ගන්නා රථ වාහනවලින්ද වැඩි වශයෙන් වන්දනාකරුවන් මෙසේ වැඩි වශයෙන් පැමිනෙන බවත් මෙසේ පැමිනෙන සියළුම වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සදහා හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතාගේ උපදෙස් මත වීශේෂ ආරක්ෂක වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

– මනුර සුදත් සෙල්ලහේවා

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here