Google search engine
Home ගොසිප් පුවත් සිංහල බෙහෙත් බඩු කඩේක ගංජා මිශ්‍ර මෝදක ගුලි

සිංහල බෙහෙත් බඩු කඩේක ගංජා මිශ්‍ර මෝදක ගුලි

0
5

ganja-sinhala-pharmacy

බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යන සිංහල ඛෙහෙත් බඩු වෙළඳසැලක් පරීක්‍ෂා කර එහි තිබි රුපියල් 26,000 ක් වටිනා ගංජා මිශ්‍ර මෝදක ගුලි 180 සමඟ එම වෙළෙඳසැලේ හිමිකරු සහ මෝදක ගුලි මිලදී ගැනීමට පැමිණ සිටි පාසල් දරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.

හෝමාගම පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක අජන්ත ප්‍රභාකර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් යුක්තියේ මෙහෙයුම යටතේ ක්‍රියාත්මක වන

පාසල තුළට මත්ද්‍රව්‍ය ඇතුළුවීමේ මෙහෙයුම වන පවුර සංසදය මෙහෙයුම යටතේ හෝමාගම නගරයේ රාජකාරියේ සිටිය දී අත්අඩංගුවට ගත් පාසල් දරුවන් දෙදෙනාගේ පාසල් බෑග් පරික්‍ෂා කිරීමේදී එහි තිබී මෝදක ගුලි දෙකක් හමු වූ බව පොලිසිය පවසයි.

අනතුරුව ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව එම වෙළෙඳසැල පරික්‍ෂා කර මෙම ගංජා මිශ්‍ර මෝදක ගුලි තොගය අත්අඩංගුවට ගෙන ඇත.ඒ අනුව එම වෙළෙඳසැලේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් කළ

ප්‍රශ්න කිරීමේදී මෙම මෝදක ගුලියක් පාසල් දරුවන්ට රුපියල් 200 ක් වැනි මුදලකට විකුණන බවට අනාවරණය වී ඇති අතර, පොලිසිය එම වෙළෙඳසැලේ අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා වෙළෙඳ බලපත්‍රය පරීක්‍ෂා කිරිමේදී මෙම වෙළෙඳසැල බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යන වෙළෙඳසැලක් බවට තහවුරු වී තිබේ.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here