Google search engine
Home ගොසිප් පුවත් වයඹ කුමාරී අයිස් රැජිණ මාට්ටු

වයඹ කුමාරී අයිස් රැජිණ මාට්ටු

0
9

wayamba-kumari

හලා­වත සිට ප්‍රදේශ රැස­කට ඊෂී කෑෂ් හා තවත් ක්‍රම රැසක් යොදා ගනි­මින් අයිස් ජාවා­රමේ නිරත මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්කා­රි­යක් වූ සැක­කා­රි­යක් මුන්ද­ලම පොලි­සියේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විසින් මාස දෙක­කට ආසන්න කාල­යක සිට රැක­වල්ලා සිට අත්අ­ඩං­ගු­වට ගැනී­මට සමත්ව ඇත.
 

මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ මුන්ද­ලම අගු­න­විල ප්‍රදේ­ශයේ පදිංචි 35 හැවි­රිදි අයිස් මත්ද්‍රව්‍ය ජාවා­රමේ නිර­තවූ වයඹ කුමාරි නමින් හැඳි­න්වෙන කාන්තා­වක් බව පොලි­සිය පව­සයි.

යුක්තිය මෙහෙ­යු­මට සම­ගා­මීව මුන්ද­ලම පොලි­සියේ නිල­ධා­රීන් විසින් වයඹ කුමාරි නමින් හැඳින්වූ අයිස් රැජින යන අන්වර්ථ නාම­යෙන් සිටි සැක­කා­රිය මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණි.

මෙම සැක­කා­රිය ඊෂි කෑෂ් ක්‍රම­යට හා ජංගම දුර­ක­තන මඟින් ලබා දෙන ඇණ­වුම් අදාළ ස්ථාන­ය­ටම ලබා දීම දීර්ඝ කාල­යක සිට කර­ගෙන ගොස් ඇති බව පොලි­සිය පැව­සීය.

යතු­රු­පැ­දියේ කිසි­ව­කුට සැක නොසි­තන ලෙස ගමන් කර­මින් හලා­වත සිට මුන්ද­ලම දක්වා ප්‍රදේශ ගණ­නා­ව­කට මෙම කාන්තාව තම මත්ද්‍රව්‍ය ජාවා­රම ක්‍රියා­ත්මක කර ඇති අතර මෙම සැක­කා­රිය කොටු කර ගැනී­මට මාස දෙක­කට ආසන්න කාල­යක් පොලිස් කණ්ඩා­යම් කීප­යක් මහත් පරි­ශ්‍ර­ම­යක් දැරූ බවද පොලි­සිය පැව­සීය.

යතු­රු­පැ­දි­යෙන් අදාළ සැක­කා­රිය අයිස් මත්ද්‍රව්‍ය බෙදා හරි­මින් සිටි­යදී උඩ­ප්පුව මංස­න්දි­යෙදී අත්අ­ඩං­ගු­වට ගැනී­මට මුන්ද­ලම පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක අසිත ලක්රු­වන් මහ­තාගේ උප­දෙස් මත අප­රාධ අංශ ස්ථානා­ධි­පති පොලිස් සැර­යන් 38085 අම­ර­සිංහ මහතා ඇතුළු කණ්ඩා­ය­මක් මෙම අත්අ­ඩං­ගු­වට ගැනී­මට එක්ව තිබුණි.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කා­රිය සතුව තිබූ රුපි­යල් රුපි­යල් ලක්ෂ දෙක­කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොග­යක් සමඟ විවිධ බැංකු­ව­ලට අයත් ATM කාඩ් පත් හා ජංගම දුර­ක­තන සහ රුපි­යල් දස­ද­හ­ස­කට ආසන්න මුද­ලක් අත්අ­ඩං­ගු­වට ගැනී­මට සමත්ව තිබුණි.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කා­රිය පුත්ත­ලම අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු වැඩ බලන මහේ­ස්ත්‍රා­ත්ව­රයා විසින් මෙම සැක­කා­රිය දින හතක් රඳවා ප්‍රශ්න කිරීමේ නියෝ­ගය නිකුත් කර ඇත.
 හිරාන් ප්‍රියං­කර ජය­සිංහ

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here