මිනිස් ක්‍රියා නිසා ඉහළ ගිය උණුසුම – Sri News ජාත්‍යන්තර පුවත්

0
6

මිනිසාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් බටහිර අප්‍රිකාවේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගොස් ඇති බව විද්‍යාඥයින් පවසනවා.

පසුගිය මාසයේ මාලි රාජ්‍යයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 ට වඩා ඉහළ ගොස් තිබෙනවා.

පර්යේෂකයන් පවසන්නේ පොසිල ඉන්ධන දහනය වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සාමාන්‍ය මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.4කින් උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බවයි.

අධික උෂ්ණත්වය හේතුවෙන් මාලි අගනුවර වන බමාකෝ හි ගේබ්‍රියෙල් ටුවර් රෝහලේ දත්ත වලට අනුව අප්‍රේල් මාසයේදී මරණ 102 ක් සිදුව තිබෙනවා.

මිය ගිය පුද්ගලයන්ගෙන් අඩක් පමණ වයස අවුරුදු 60 ට වැඩි අයයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here