Google search engine
Home ගොසිප් පුවත් පෙම්ව­ති­යට-මවට කඩුවෙන් කොටා පෙම්වතා ගසක එල්ලිලා

පෙම්ව­ති­යට-මවට කඩුවෙන් කොටා පෙම්වතා ගසක එල්ලිලා

0
8

jaffna-incident

පෙම්ව­ති­යට හා ඇගේ මවට මාරා­න්තික කඩු ප්‍රහා­ර­යක් එල්ල කළ යාප­නයේ තරු­ණ­යෙකු අසල කුඹු­රක ගසක එල්ලී පෙරේදා (16) සිය­දිවි හානි­ක­ර­ගෙන තිබේ.

යාප­නයේ ඉල­වාලී පණ්ඩ­ත­රිප්පු පනි­පු­ලම් ප්‍රදේ­ශ­යේදී මෙම සිද්ධිය සිදුව තිබේ. සිද්ධි­යට සම්බන්ධ තරු­ණයා කාල­යක සිට එම තරු­ණිය සමඟ පෙමින් වෙළී සිට ඇති අතර මව ඊට තරයේ විරුද්ධ වී දිය­ණිය ද මවගේ පැත්තට හරවා ගැනීම නිසා උරණ වූ තරු­ණයා ඔවුන්ගේ නිව­සට කඩු­වක් රැගෙන ගොස් දෙදෙ­නාම කඩු­වෙන් කපා කොටා තුවාල සිදු කොට තිබේ. මව හා දිය­ණිය තුවාල ලබා විලාප තබ­මින් බිම ඇද වැටුණු අව­ස්ථා­වේදී තරු­ණයා අසල කුඹු­ර­කට දිව ගොස් ගසක එල්ලී සිය­දිවි හානි කර­ගෙන තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ පනි­පු­ලම් ප්‍රදේ­ශයේ පදිංචි 35 හැවි­රිදි ගුණ­ති­ල­කම් ප්‍රන­වන් නැමති අයෙකි.

ඔහු ප්‍රදේ­ශයේ කුඩා වෙළෙ­ඳ­ස­ලක් පවත්වා ගෙන යන අයෙකි.

කඩු ප්‍රහා­ර­ව­ලින් බර­ප­තළ ලෙස තුවාල ලබා ඇති මව හා දිය­ණිය ප්‍රති­කාර සඳහා තෙලි­ප්ප­ලෙයි රෝහ­ලට ඇතු­ළත් කොට තිබේ.

ඉල­වාලි පොලි­සිය සිද්ධිය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පව­ත්වයි.
 

රසුල දිල්හාර ගමගේ

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here