Google search engine
Home ගොසිප් පුවත් දමිතාගේ බැංකු ගිණුම් අවුස්සයි

දමිතාගේ බැංකු ගිණුම් අවුස්සයි

0
6

 

damitha-bank-accounts

නීත්‍යනුකූල විදේශ රැකියා නියෝජිත ආයතනයක් නොමැතිව කොරියන් රටේ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළේ යැයි කියන රංගන ශිල්පීනි දමිතා අබේරත්න හා ඇගේ සැමියාගේ දේපළ හා බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අවසර ලබාදුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා බැංකු ගිණුම් සම්බන්ධයෙන් බන්ධනාගාරය තුළදී සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමටද රහස් පොලිසියට අවසර දුන්නේය.

සැකකරුවන් මුදල් ලබාගෙන ඇත්තේ කාගෙන්ද, ඒ මුදල් සංසරණය කර ඇත්තේ කුමන ගිණුම් හරහාද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගතයුතු බවද කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරයා එලෙස අවසර දුන්නේය.

කොරියන් රටේ රැකියා ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ තිහක වංචාවක් කළේ යැයි කියන සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටින දමිතා අබේරත්න සහ ඇගේ සැමියා වන ලෙස්ලි ජොන්සන් නමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිස් නිලධාරීන් සැකකරුවන් මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පසු කළ විමර්ශනවලදී ඔවුන් ආගාමික හා විගාමික පනත යටතේ වරදක් කර ඇති බවට කරුණු අනාවරණය වුයේ යැයි කීය.නීත්‍යනුකූල විදේශ රැකියා නියෝජිත ආයතනයක් නොමැතිව නීති විරෝධී ආකාරයට පුද්ගලයන් විදේශගත කිරීමට කිරීමට සංවිධානය කිරීම හෝ ඊට ආධාර අනුබලදීම ආගාමික හා විගාමික පනත යටතේ වූ වරද සැකකරුවන්

කර ඇති බවට කරුණු අනාවරණය වූ බවත් සැකකරුවන්ගේ වත්කම් හඳුනා ගැනීමට මහ බැංකුව මගින් වාර්තා කැඳවා ඇති නමුත් මෙතෙක් එම වාර්තා ලැබී නැතැයිද කී රහස් පොලිසිය සැකකරුවන් මුදල් ලබාගෙන ඇත්තේ කාගෙන්ද, ඒ මුදල් සංසරණය (transer) කර ඇත්තේ කුමන ගිණුම් හරහාද යන්න සම්බන්ධයෙන්ද සැකකරුවන්ගෙන්  ප්‍රකාශ සටහන් කරගත යුතු යැයිද පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන හෙයින් සැකකරුවන්ට ඇප දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැතැයිද ඔවුන් තවදුරටත් රිමාන්ඞ් කරන්නැයිද රහස් පොලිසිය ඉල්ලා සිටියේය.සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා කරුණු දක්වමින් තම සේවාදායකයන්ගේ පෞද්ගලික නිදහසේ අයිතිය තහවුරු කිරීමට අධිකරණය බැඳී සිටින්නේ යැයි කීය.තම සේවාදායකයන් ආගමන හා විගමන පනත යටතේ වරදක් කර ඇතැයි පොලිසිය කීවත් ඒ බව සනාථ කිරීමට පොලිසිය කිසිදු සාක්කියක් හෝ සාක්කි සම්පිණ්ඩන වාර්තාවක් මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නැතැයි කී නීතිඥ අජිත් පතිරණ මහතා එහෙයින් සාක්කි සම්පිණ්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පැමිණිල්ලට නියෝග කරන්නැයි ඉල්ලා සිටියේය.

මෙම පැමිණිල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී තත්වයක් ඇතැයිද මෙම පැමිණිල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනීමට ඇති අධිකරණ බලය සම්බන්ධයෙන් ද ප්‍රශ්නකාරී තත්වයක් මතුව ඇතැයිද කී නීතිඥ අජිත් පතිරණ මහතා තම සේවාදායකයන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව රහස් පොලිසියේ ඉල්ලීම්වලට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 24 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
 රෝෂන් තුෂාර

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here