මැලේසියාවේ ගුවන් අනතුරකින් 10 මරුට – Sri News ජාත්‍යන්තර පුවත්

0
7

මැලේසියාවේ ගුවන් පුහුණුවක් අතරතුරදී හෙළිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මැලේසියා රාජකීය නාවික හමුදා පෙරහුරුවක් සදහා සහභාගි වූ නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා දෙකකුයි මෙලෙස එකිනෙක ගැටී ඇත්තේ.

එක් හෙලිකොප්ටර් යානයක් අනෙක් හෙලිකොප්ටර් යානයේ පසුපස ගැටීමෙන් අනතුරුව එම යානා දෙක කඩාවැටෙන ආකාරය මාධ්‍ය වාර්තා කළා.

යානා දෙකේම ගමන් කළ සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය සදහන් කරන්නේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here