Google search engine
Home ගොසිප් පුවත් පාස්කු මහමොළකරුවන් සමග මගේ ඩීල් දැමිල්ලක් නෑ – සජිත්

පාස්කු මහමොළකරුවන් සමග මගේ ඩීල් දැමිල්ලක් නෑ – සජිත්

0
5

sajith-speaks

 පාස්කු මහමොළකරුවන් සමග තමා ඩීල් නොදමන බවත්, සිය රජයක් යටතේ ස්වාධීන පරික්ෂණයක් සිදු කර වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.පාස්කු ප්‍රහාරයට වසර 05ක් සපිරීම නිමිත්තෙන් ඊයේ (21දා) සමගි ජන බලවේගයේ කතෝලික කමිටුව කොළඹ ශාන්ත මරියා වැඩිහිටි නිවාසයේ සංවිධානය කර තිබූ දානමය පුන්‍යකර්මය සදහා එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.එහිදී වැඩිදුරටත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“මීට වසර 05ට පෙර අද වගේ අප්‍රේල් 21 ඉරිදා දවසක මිලේච්ඡ, නීච ත්‍රස්තවාදීන් අපේ රටේ දේවස්ථාන ගණනාවක, හෝටල් ගණනාවක සිදු කළ ම්ලේච්ඡ ප්‍රහාරවලින් පොදු ජනතාව, කතෝලික භක්තිකයන් ජීවිතක්ෂයට පත් වුණා. ඒ අයගේ ශරීරවලට දැඩි ලෙස හානි සිදු වුණා. වසර 05ක් ගතවෙලුත් පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය තොරතුරු, මහමොළකරුවන් පිළිබද, එය පිටුපස කටයුතු කළ පුද්ගලයත්,

කණ්ඩායම් බලවේග පිළිබඳව සත්‍යය හෙළිදරව් වෙලා නැ.

සෑම නායකයෙකුම පාස්කු ප්‍රහාරයෙන් පසුව පොරොන්දු වුණා සත්‍යය සොයා දෙන බවට, මිලේච්ඡ ප්‍රහාරය එල්ල කරපු ඒ ත්‍රස්තවාදීන්ට, මහමොළකරුවන්ට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා කියලා කිව්වා. නමුත් ඒ සෑම දෙයක්ම සිදු වුණේ ජනතාව රවට්ටන්න. මිනිස්සුන්ගේ ඡන්දේ ගත්ත. රටේ ජනතාව මංමුළා කරන්න. අද වගේ දවසක මම පැහැදිලිව ප්‍රකාශයක් කරනවා මොනම ආකාරයකින්වත් මේ ම්ලේච්ඡ ප්‍රහාරයට සම්බන්ධ කිසිම කෙනෙක් මුදවා ගන්න විනිවිද භාවයෙන් යුක්ත වූ ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වලා මේ මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය සැලසුම් කරපු මහමොළකරුවන්, මේ පිටුපස හිටපු බලවේග, කණ්ඩායම් සියල්ලක්ම නීතිය හමුවට ගෙන එනවා පමණක් නෙවෙයි.  ඒ අයට ලබා දිය යුතු, ලබා දිය හැකි උපරිම දඬුවම් ලබා දෙන්ත අපි කටයුතු කරනවා.පාස්කු ප්‍රහාරයේ මඟ මොළකරුවන් සමග සජිත් ප්‍රේමදාස නම් ඩීල් දාන්නේ නෑ. මොනම හේතුවකට ස්වාධීන පරීක්ෂණයක් පවත්වන එක නතර කරන්නෙත් නෑ. ”
දිනේෂ් සමරකෝන්

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here