ප්‍රතිභාපූර්ණ රංගවේදී සිරිල් වික්‍රමගේ මහතාගේ සුවදුක් විමසයි – Sri News දේශීය පුවත්

0
8

රංගනය හරහා සේම සමාජ දැක්ම හරහා නිරන්තරව ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රතිභාපූර්ණ චරිතාංග නළුවකු වූ සිරිල් වික්‍රමගේ මහතාගේ සුව දුක් විමසීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ පිරිසක් කලාපුරේ ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.

සත්සමුදුර චිත්‍රපටයේ ගුණදාස ලෙසින් බොහෝ දෙනා අතරට පැමිණි සිරිල් වික්‍රමගේ මහතා බිනරමලී, පාරාවළලු, වල්මත් වූවෝ, එයා දැන් ලොකු ළමයෙක්, සිරිමැදුර, සෙයිලම, මාරුතය, පාලම යට, කුලගෙය, සුද්දිලාගේ කතාව, මංගල තෑග්ග, මී හරකා, අඹු සැමියෝ, අහස් ගව්ව ආදී බොහෝ චිත්‍රපටවලට රංගනයෙන් දායක විය.

ඔහු වේදිකා නාට්‍ය, සිනමා නිර්මාණ පමණක් නොව පුංචි තිරයද ජයගත් කලාකරුවෙක් වන අතර ගව්වෙන් ගව්ව, ඇල්ල ළඟ වලව්ව, මිහිකතගේ දරුවෝ, කරදිය වළල්ල, පළිඟු මැණිකේ, සෙනෙහෙලතා, නුඹ නාඬන් එවැනි නිර්මාණයන් කිහිපයකි.

මෙම අවස්ථාවට සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන මහත්මිය , දෙපාර්තමේන්තු නිලධාරීහු ඇතුළු රාජ්‍ය සංගීත කණ්ඩායමේ සංගීත ශිල්පීන් පිරිසක් එක්ව සිටියහ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here