Google search engine
Home ගොසිප් පුවත් ට්‍රම්ප්ගේ නඩුව අසද්දී පුද්ගලයෙක් ගිනි තබාගෙන

ට්‍රම්ප්ගේ නඩුව අසද්දී පුද්ගලයෙක් ගිනි තබාගෙන

0
12

trump-case-fire-man

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව විභාග වන අපරාධ නඩුව කැඳවන නිව්යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයකු සිය සිරුරට ගිනි තබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.ගිනි තබාගෙන ඇත්තේ ෆ්ලොරිඩාහි පදිංචි මැක්ස් අසරෙල්ලෝ නැමැති පුද්ගලයෙකු බව නිව් යෝර්ක් පොලිසිය ප්‍රකාශ කළේය. ගිනි තබා ගැනීම හේතුවෙන් අසරෙල්ලෝ බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව නිව් යෝර්ක් පොලිසිය පැවසුවේය.

අසරෙල්ලෝ සිරුරට ගිනි තබා ගැනීමට ප්‍රථම තමන් සොයා ගත් කුමන්ත්‍රණයක තොරතුරු වෙත සියල්ලගේම අවධානය යොමු කිරීම සඳහා මෙම දැඩි ක්‍රියාමාර්ගය ගැනීමට පෙළඹුණු බව පවසමින් අන්තර්ජාලය තුළ සටහනක් තබා තිබිණි. පසුව දැඩි ආරක්ෂාව යටතේ ට්‍රම්ස්ගේ නඩුව නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණයේ පහළොස් වැනි මහලේදී කැඳවූ අතර එහිදී නඩු විභාගය සඳහා අවශ්‍ය ජූරි සභිකයින් 18 දෙනා තෝරාපත් කරගෙන අවසන් කර ඇත.

එම ජූරි සභිකයින් 18 දෙනාට ස්ථිර ජූරි සභිකයින් 12 දෙනෙකු සහ අතිරේක ජූරි සභිකයන් සය දෙනෙකු ඇතුළත් වේ.වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ නිර්මාණය වන චිත්‍රපට සඳහා රංගනයෙන් දායකවන ස්ටෝර්මි ඩැනියෙල් සඳහා 2016 වසරේ පැවතී ජනාධිපතිවරණයට පෙර ඇමෙරිකානු ඩොලර් 130,000 මුදලක් ගෙවීම ඇතුළු එවකට සිදුවූ තවත් මුදල් ගනුදෙනු කිහිපයකට අදාළව අසත්‍ය ව්‍යාපාරික වාර්තා ගොනු කිරීම සම්බන්ධයෙන් චෝදනා 34 ක් යටතේ මෙම නඩුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනු කර ඇත.

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here